පර්ල් තොම්සන් කළු ජාතික කාන්තාවක්. මීට දශක හතකට විතර කලින් ඇයට අවශ්‍ය වෙනවා උතුරු කරෝලිනාහි පුස්තකාලයෙන් පොත් ලබාගන්න.
ඒත් ඇයට ඒ සඳහා අවස්ථාව හිමිවෙන්නෙ නෑ. එකම හේතුව ඇය කළු ජාතික කාන්තාවක් වීමයි.
1942 දී ඇයට සිදුවුණු අසාධාරණය පසුගියදා නිවැරදි කෙරුණා. තොම්සන්ට දැන් වයස 92ක්. පොත් ලබාගැනීම සඳහා ඇය පුස්තකාලය වෙත ගොස් තිබෙන්නේ ෂෝ විශ්ව විද්‍යාලයේ ඉගෙන ගනිමින් සිටි අවධියේදීයි.
ඒ කාලයේදී තොම්සන්ට පුස්තකාලයට ඇතුලුවීමටවත් අවසර ලබානොදෙන බලධාරීන් ඇයව බිම් මහලේ පිහිටි පරණ පත්තර ගබඩා කර ඇති ස්ථානයකට යවනවා. එහිදී තමයි ඇය තමන්ට අවශ්‍ය පොතෙන් කරුණු සටහන් කරගෙන තිබෙන්නේ. ඒවගේම ඇයට සිද්ධ වෙනවා පොත නැවත බාරදෙන්න.
මේ සිද්ධිය දැනගන්න වර්තමාන පුස්තකාලයාධිපතිවරු තොම්සන්ව සොයාගෙන ගිහිල්ලා ඒ ප්‍රදේශයේ පුස්තකාලයේ සාමාජිකත්වය පිරිනමනවා.
මේ ප්‍රදේශයේ 1960 වසරේදී අප්‍රිකානු-ඇමරිකානු ජතිකයන්ට වෙනම පුස්තකාලයකුත් සුදු ජාතිකයන්ට වෙනම පුස්තකාලයකුත් ආරම්භ කර තිබෙනවා.
කොහොම උනත් වසර ගණනාවකට පස්සෙ සිදුවුණු මේ නිවැරදි කිරීම ගැන අදහස් දක්වන තොම්සන් පවසන්නේ වසර ගණනාවකට පෙර සිදු වූ සිදුවීම ගැන තමන් තුල කිසිඳු අමනාපයක් නොමැති බව සහ තමන් වර්තමානයේ ලබූ හිමිකම ගෞරවයෙන් බාරගන්නා බවයි.