ඔහුගේ නම දිනේෂ් ශිවන්ත්. ඉන්දියාවේ වාසය කරන විද්‍යා ගුරුවරයෙක් වන දිනේෂ් මේවන විටත් ගිනස් ලෝක වාර්තා 49ක් තබා තිබෙනවා.
හැබැයි ඔහු තබන හැම වාර්තාවක්ම සඳහා ඔහු උපයෝගී කරගන්නෙ තමන්ගෙ කට. මේ නිසාම දිනේෂ්ව හඳුන්වන්නෙ ‘Maximouth’ කියන අන්වර්ථ නාමයෙන්.
ඔහු වාර්තා තැබීමට පැන්සල් 92 ක් මිදි ගෙඩි 79 ක් සහ දැල් වූ ඉටිපන්දම් 12 ක් ,බීම බට 1001 වෙන වෙනම තමන්ගෙ කටේ තබාගෙන සිටිනවා.
මේ වගේ තමන්ගෙ කට හරහා දස්කම් පෙන්වීම සඳහා ඔහු දිනපතා යෝග ව්‍යායාම සහ හුස්මගැනීමේ ක්‍රියාකාරකම් සිදු කරන බව පැවසෙනවා. ඔහුගේ අදහස කටින් කර තිබෙන සියලුම ලෝක වාර්තා බිඳ හෙළීමයි.