මෙහිදී තරුණ කාන්තාවක් අහඹු ලෙස තෝරාගත් පිරිමි 100 දෙනෙකුගෙන් තමන් සමඟ ලිංගිකව එක්වීමට කැමතිදැයි අසනු ලබනවා. එම 100 දෙනාගෙන් පිරිමින් 30 දෙනකු ඒ සඳහා සිය කැමැත්ත පළ කරනවා.
අකමැති වූ 70 දෙනා අතර අවිනිශ්චිත පිළිතුරු ලබා දුන් පුදගලයන් බොහෝ දෙනෙකු සිටීමත් විශේෂත්වයක්.
මෙහි තිබෙන තවත් විශේෂත්වයක් වන්නේ මිට පෙර 2013 වසරේ සිදුකළ මෙවැනිම ආකාරයේ සමීක්ෂණයකදී වෙනස් ආකාරයේ පිළිතුරු ලැබීමයි.
එහිදී තරුණ පිරිමි පුදගලයෙක් අහඹු ලෙස තෝරාගත් කාන්තාවන්ගෙන් තමන් සමඟ ලිංගිකව එක්වීමට කැමතිදැයි විමසනවා. නමුත් එක් කාන්තාවක්වත් එයට කැමති බව ප්රකාශ කර නැහැ.
මේ පිළිබඳ අදහස් දක්වන එම සමීක්ෂණයේ whatever ආයතනයේ නිර්මාතෘ ඇට්ලස් පවසන්නේ මෙය පිරිමින් සහ ගැහැණුන් අතර පවතින වෙනස පිළිබඳ විවිධ නිගමනයන්ට එළඹීමට සිදුකළ සමීක්ෂණයක් නොවන බවයි. එසේම මෙය හුදෙක් විනෝදය සඳහා නිපදවූවක් බැවින් නරඹන පිරිස එය තමන්ට කැමති පරිදි විග්රහ කරගන්න ලෙසයි ඔහුගේ ඉල්ලීම.