මෙය සමලිංගික අයිතීන් සඳහා සහයෝගය පළ කිරීම සඳහා නිර්මාණ වූවකි. මේ ආකාරයට හදිසියේම facebook එවැනි ක්‍රියාකාරකමක් දියත් කිරීමට හේතුව වන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඇමරිකාව පුරාම සමලිංගික විවාහ නීතිගත කිරීමයි.
ලෝකයේ LGBT එහෙම නැත්තම් සමරිසි, ලිංගිකත්වය වෙනස් කරගත් පුදගලයන් නියෝජනය කරන කොඩිය එහෙම නැත්තම් සංකේතය ලෙස දේදුණු වර්ණ සහිත කොඩිය යොදාගන්නවා.
මෙම ෆේස්බුක් විශේෂාංගය මගින් ඔබේ profile picture එකට දේදුණු පැහැය එහෙම නැත්තම් LGBT කොඩියේ වරණ රැගත් ෆිල්ටරයක් එක් කිරීම සිදුවෙනවා .ඉන්පසු ඔබට එම නව සේයාරුව ඔබේ profile picture එක ලෙස යොදාගත හැකියි .
facebook වගේම Twitter, google, youtube, apple වැනි ලෝකයේ ප්‍රබල සමාගම්, වෙබ් අඩවි මෙන්ම ප්‍රකට නළු නිලියන්ද තමන්ගේ profile picture එක LGBT ජනතාවට සහාය පළකිරීම සඳහා වෙනස් කරගෙන තිබෙනවා.