ඔහුට අවශ්‍ය වෙලා තියෙන්නෙ එයාගේ බිරිඳ සිප ගැනීමේ අයිතිය විතරයි. ඒ අයිතිය අහිමි කිරීම වෙනුවෙන් නඩු කියන්න ඔහු සුදානම් වෙනවා.
ඔහුගේ බිරිඳ පාකින්සන් රෝගයට සහ මානසික රෝගයකට ගොදුරු වීම හේතුවෙන් සත්තු නිවාසයක වසර ගණනාවක් පුරා ප්‍රතිකාර ගන්නා බව පැවසෙනවා.
බිරිඳ බැලීමේදී අනුගමනය කළ යුතු නීති රීති මාලාවක් ඇතුලත් ලියවිල්ලකට අත්සන් ලබාගත් බව තෝමස් පවසනවා. එම නීති රීතිවලට බිරිඳ නිරන්තරයෙන් සිපගැනීමත් තහනම් වෙනවා.
බිරිඳ බලාගැනීමට යාමේදී ඔහුට අවසර ලැබෙන්නේ හමුවීමේදී සහ සමුගෙන ඒමේදී සිපගනිමට පමණයි.
එසේම තම බිරිඳ සහ තමන් මුණගැසෙන මොහොතේ සාත්තු නිවාසයේ සේවකයෙක් නිරන්තරයෙන් රැඳී සිටීම හේතුවෙන් තමන්ගේ පෞද්ගලිකත්වය අහෝසි වන බව ඔහුගේ අදහසයි.
තෝමස් පවසන්නේ තම බිරිඳ මේ ආකාරයට තමන්ගෙන් වෙන්කර තැබීම අසාධාරණ බවත් ඒ හේතුව නිසා තමන් ඉතා පීඩනයෙන් පසුවන බවයි.