ඒත් ඉතින් මේ කලාව හරියට විඳින්න දන්නෙ ඉතා සුළු පිරිසයි.
වෙරි වෙන්න බලපාන විවිධ හේතු තියෙනවා. සමහරු ඉතා ඉක්මනින් වෙරි වෙනවා. ඒත් සමහරු කොච්චර ගැහුවත් කෙලින්.
හැබැයි මේ කියන්න හදන්නෙ වෙරි වෙන්න බලපාන හේතු ගැනනම් නෙමේ. කොච්චර බිව්වත් වෙරි නොවෙන මිනිස්සු ඉන්න රටවල් ගැන.
උඩින්ම ඉන්නෙ අයර්ලන්තය. අයර්ලන්තයේ වැඩිපුර මත්පැන් පානය කරන්නන් ඉන්නවා වගේම එහි වැසියන්ට අනිත් රටවල් වල මිනිසුන්ට සාපේක්ෂව වැඩි මත්පැන් ප්‍රමාණයක් වෙරි වීමකින් තොරව පානය කරන්න පුළුවන්ලු.
මේ පිළිබඳ සමීක්ෂණයක් පවා සිදු වෙලා තියෙනවා. එංගලන්තෙ තමයි දෙවෙනි ස්ථානයට පත්වෙලා තියෙන්නෙ.
මේ විශේෂ හැකියාව සහිත මිනිස්සු ඉන්න රටවල් හෙළි කරාට මේකට බලපාන හේතුවනම් තවම අනාවරණය වෙලා නෑ.