මේවට අමතරව ලිංගික තෘප්තිය අතින් ප්‍රමුඛ රටවලුත් ඔය අතර තියෙනවා. ජාත්‍යන්තර සමීක්ෂණ ආයතනයක් වන Durex පසුගියදා සමීක්ෂණයක් සිදු කරා.
මේ සමීක්ෂණයේ අරමුණ උනේ ලෝකයේ වඩාත්ම ලිංගික තෘප්තියක් ලබන මිනිසුන් ජීවත්වන රටවල් තේරීමයි. මෙහි මුල්තැන දිනාගෙන තිබෙන්නේ ස්විස්ටර්ලන්තයයි.
මේ සමීක්ෂණය සඳහා ලෝකයේ රටවල් 26ක වයස 16ට වැඩි පුද්ගලයන් 26000ක් විතර යොදාගත්තා. සමීක්ෂණයෙන් පස්සෙ අනාවරණය වෙලා තියෙන දෙයක් තමයි යොදාගත් පිරිසෙන් සියයට 44ක් පමණයි තමන්ගෙ ලිංගික ජීවිතයෙන් සම්පූර්ණ සතුටක් ලබන්නෙ කියන කරණය.
Durex ආයතනයට අනුව යම් පුද්ගලයෙක් ශාරීරිකව සහ මානසිකව වගේම ආතතියෙන් තොරව,. අසම්මත ලිංගික බැඳීම් වලින් තොරව බහුලව ලිංගිකව සංසර්ගයේ යෙදෙනවනම් ඔහු ලිංගික ජීවිතයෙන් තෘප්තියට පත්වන්නෙක් විදියට සළකනවා. ඒවගේම සුරතාන්තයට පත්වීම ලිංගික තෘප්තියට පත්වීම විදියට හඳුන්වනවා.
ඒ විතරක් නෙමේ මේ සමීක්ෂණයෙන් කාන්තාවන්ට වඩා දෙගුණයකින් පිරිමින් සුරතාන්තයට පත්වන බව අනාවරණය වී තියෙනවා.
මේ අනුව ලිංගික තෘප්තියට පත්වන රටවල් අතරට පිළිවෙලින් ස්විස්ටර්ලන්තය, ස්පාඤ්ඤය, ඉතාලිය, බ්‍රසීලය, ග්‍රීසිය, නෙදර්ලන්තය, මෙක්සිකෝ, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, නයිජීරියාව, ජර්මනිය, චීනය අයත් වෙනවා.