පසුගියදා ජපානයේ ප්‍රසිද්ධ කාන්තා යට ඇඳුම් සමාගමක් අලුත් විදියේ බ්‍රා එකක් හඳුන්වා දුන්නා. මේ බ්‍රා එක හඳුන්වාදෙන්න හේතුව තමයි මේක හරහා ජපානයට වැඩිවැඩියෙන් සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම.
මේ විශේෂිත යට ඇඳුම නිර්මාණය කරලා තියෙන්නෙ සංචාරක මගපෙන්වන්නන්ට ගැලපෙන පරිදියි. මෙය හඳුන්වන්නෙ Welcome to Japan! Bra නමින්.
බ්‍රා එකේ යට කොටසේ ජපානයේ සිතියමකුත් දැක්වෙනවා. ඒ විතරක් නෙමේ මේ බ්‍රා එකට භාෂා තුනකින් සුබ පැතීමේ හැකියාවත් පවතිනවා.
මේක දැනට නිර්මාණය කර තිබෙන්නේ ප්‍රවර්ධන වැඩසටහනක කොටසක් හැටියට පමණයි. කොහොම උනත් ඉදිරියේදී ජපාන වෙළඳපොළේ මේවා දකින්න ලැබේවි.