තවමත් සුන්බුන් අතර සිරවී සිටින්නන් බේරාගැනීම සඳහා සහන සේවා ක්රියාත්මකයි.
තම නිවසේම සුන්බුන් අතර භූමිකම්පාවෙන් පසු පැය 22ක පමණ කාලයක් සිරවී සිටි කුඩා දරුවකුගේ දිවි ගලවා ගැනීමට සහන සේවාවන්හි නිරත හමුදා කණ්ඩාමක් සමත්ව තිබෙනවා. මෙසේ දිවි බේරාගෙන ඇත්තේ මාස 4ක් පමණ වයසැති සොනිට් අවාල් නම් පිරිමි දරුවෙකුගේය.