එතුමාව වටකරගත් කන්‍යා සොයුරියන් ඔහුව ස්පර්ශ කරමින් දෑත සිඹිමින් වැළඳගනිමින් සහ තෑගි පිරිනැමීමට උත්සහ ගැනීම නිසා මහත් කලබලයක් සිදුව ඇත.
පාප්තුමා මැදිකරගත් කන්‍යා සොහොයුරියන් එතැනින් ඉවත් කිරීමට පාප්තුමාගේ ආරක්ෂක අංශ නිලධාරීන්ට දැඩි වෙහෙසක් දැරීමට සිදුවී ඇතිබව වාර්තා වේ.
නේපල්ස් යනු අපරාධ පමණක් නොව, දිළිඳුබව ද ඉහවහා ගිය පළාතක් ලෙස සැළකේ. මෙම සංචාරයේදී පාප්තුමන්ගේ ආරක්ෂාවට 3,000 කට වැඩි පොලිස් නිලධාරීන් පිරිසක් යොදවා තිබුණි.