"Furious 7" ලෙස නම් කර ඇති මෙම චිත්රපටයේ විශේෂත්වය වන්නේ 2013 වසරේ හදිසි අනතුරකින් මියගිය පෝල් වෝකර්ගේ රඟපෑම්ද මෙහි ඇතුලත් වීමයි. 2013 වසරේ නොවැම්බර් මාසයේදී පෝල් වෝකර් මියගියේ මෙම චිත්රපටය රූගත කිරීම් සිදු කරමින් සිටින අතරතුරයි.
"Furious 7" චිත්රපටයේ ඉතුරු දර්ශන රූපගත කර තිබෙන්නේ පෝල් වෝකර්ගේ සොහොයුරන් දෙදෙනා යොදාගනිමිනි.
චිත්රපටයේ විශේෂ දර්ශන වාරයක් අතරතුර වින් ඩිසල් පවසා ඇත්තේ පොල් වොකර්ගේ අහිමිවීමත් සමඟ තමන්ට යහළුවෙක් සහ සහෝදරයෙක් අහිමිවූ බවත් මේ හේතුව නිසාම මෙම චිත්රපටය තමන් රඟපෑ අමාරුම චිත්රපටයක් වූ බවයි.
එසේම පෝල් වෝකර් පෙනී සිටි චරිතය ඉදිරි චිත්රපටවලත් ඇතුලත් කිරීමට අදහස් කරගෙන සිටින බව චිත්රපට නිෂ්පාදකවරයා පවසා ඇත.