ඇය මිය යාමට සති තුනකට පෙර ඇගේ සමීපතම මිතුරෙකු වන ජෝර්ජ් බැරිස් විසින් ගන්නා ලද ඡායාරූප එකතුව අධික මිලකට වෙන්දේසි වීමට නියමිතව තිබෙනවා. ඇය මියයාමත් සමඟ එම ඡායාරූප පළකිරීම ඔහු විසින් ප්රතික්ෂේප කරනු ලැබුවා.
මෙම ඡායාරූප එකතුව නම් කර තිබෙන්නේ 'Last Kiss' නමිනුයි. මෙම එකතුවට ජෝර්ජ් බැරිස්ගේ අත්සනින් යුතු ඡායාරූප හයක් ඇතුලත් වෙනවා.
ඡායාරූපයක් ඩොලර් 6000ට පමණ අලෙවි වනු ඇතැයි ගණන් බලා තිබෙනවා.
මිට අමතරව සමකාලීන ඡායාරූප ශිල්පියෙකු වන බර්ට් ස්ටර්න්ගේ වෝග් සඟරාව වෙනුවෙන් ගන්නා ලද ඡායාරූප කිහිපයක්ද මෙහිදී වෙන්දේසි කිරීමට බලාපොරොත්තු වන බව පැවසේ.