ඔහුගේ සම්පූර්ණ වත්කම් ප‍්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 79.02ක් වන බවයි ෆෝබ්ස් සඟරාව පවසන්නේ.
අමෙරිකානු ඩොලර් බිලියන 77.1කට හිමිකම් කියන මෙක්සිකෝවේ ව්‍යාපාරිකයෙකු වන කාලෝස් ස්ලිම් ලොව ධනවතුන් අතර දෙවැනි ස්ථානයට පත්ව තිබෙනවා.
ලොවපුරා මේ වන විට සිටින බිලියනපතියන් සංඛ්‍යාව 1826ක් වනවා. පසුගිය මාස 12 තුළ පුද්ගලයින් 181 දෙනෙකු බිලියනපතියන් බවට පත්ව ඇති බවයි ෆෝබ්ස් සඟරාව පවසන්නේ.
ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ පළමු ස්ථානයේ සිට 07 වැනි ස්ථානය දක්වා හිමිකර ගෙන සිටින්නේ පිරිමි පුද්ගලයින්. කාන්තාවන් අතරින් අමෙරිකාවේ ක‍්‍රිස්ටි වෝල්ටන් ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ 08 වැනි ස්ථානය හිමිකර ගෙන තිබෙනවා.