මීට දින කිහිපයකට උඩදි සවස හයට ආරමිභවන සජිවි සංගිත වැඩසටහන මෙහෙය වන්නපියුමි හංසමාලා ඇඳගෙන පැමිණි ටී ෂර්ටය නිසාවෙන් එම වැඩසටහන හදිසියේ නතර කිරීමට කටයුතු කොට තිබේ. එම ටී ෂර්ට් එකෙහි "FUCK" යන අසභ්‍ය වචනය පැහැදිලිව පෙනෙන අයුරින් සඳහන්ව තිබී ඇති අතර එය දුටු ආයතන ප්‍රධානියා වහාම එය නතර කරන්නැයි පාලක මැදිරියට උපදෙස් දි තිබේ.
ඇය ඇද සිටි එම ටිෂර්ටි එක රූපවාහිනී වැඩසටහනක් ඉදිරිපත් කිරීමට නොව ගමන් බිමන් සඳහා ඇඳන් සිටීමට උචිත නොවුවක් වන අතර ඒ බව වැඩසටහන් කලමණාකරු ඇයට පැවසිමට මැලිවි ඇත්තේ ඇය බුද්ධික කුලසේකරගේ තේරිමක් නිසා බව අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.
කෙසේ වේතත් පසුගිය ජනාධිපතිවරණ සමයේදි බුලත් කොලයක් අතේ තබාගෙන බණ දේශනා කල හිමිනමක් සමිබන්ධයෙන් වැඩසටහන් නිෂ්පාදක හා සහය නිෂ්පාදක එක මොහතින් සේවය අත්හිටවු ස්වර්ණවාහිනි ආයතනයේ බුද්ධික කුලසේකර මෙම සිද්ධියේදි කිසිම ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි පැවසේ.