චීන ඇපල්

Published in අනං මනං
Saturday, 17 January 2015 12:39

අලුතෙන්ම නැගී එන චීන දුරකථන සමාගමක් වන Xiaomi විසින් iPhone වැනි ප්‍රධාන ජංගම දුරකථන අනුකරණය කරමින් දුරකථන නිෂ්පනයට අත ගසා තිබෙනවා.

එම සමාගමේ අලුත්ම ජංගම දුරකථන ද්විත්වය වන Mi Note හා Mi Note Pro සාර්ථකව එළිදැක්වීමට පසුගිය දා එම සමාගමට හැකි වුණා. තරමක් විශාල iPhone 6 Plus ජංගම දුරකථනයේ ප්‍රමාණයටම වගේ නිපදවා ඇති මේ නව ජංගම දුරකථනය ඉලක්ක කර ඇත්තේ චීනය තුල iPhone භාවිත කරන පාරිභෝගිකයින් කොට්ඨාශයයි.

අඟල් 5.7ක තිරයක් ඇති මේ Mi Note ජංගම දුරකථනයේ මනා පෙනුම නිසාම එය ක්ෂණිකව සිත් ඇදගන්නා සුළු ජංගම දුරකථනයක් ලෙස හඳුන්වන්න පුළුවනි. ඇපල් iPhone 6 Plus දුරකථනයට වඩා තරමක් සිහින් වීමත් බරින් අඩු වීමත් විශේෂයි. දුරකථනයේ බඳේ වැඩි කොටසක් Gorilla Glass 3 වලින් ආවරණය කර ඇති අතර මධ්‍යය විශේෂ ඇලුමිනියම් වර්ගයකින් නිමවා ඇත.

ඒ වගේම විශේෂයෙන්ම කිව යුතු දෙයක් වන්නේ මේ දුරකථන ද්විත්වය Android Lollipop මෙහෙයුම් පද්ධතිය මතයි ධාවනය වන්නේ.

Xiaomi වැනි කුඩා ජංගම දුරකථන සමාගම් නිසාවෙන් මේ වන තෙක් ඇන්ඩ්‍රොයිඩ් ලෝකයේ ආධිපත්‍යය පතුරුවා සිටි Smasung සමාගමේ පසුගිය වසරේ ලාබය 40% කින් පමණ අඩු වී ඇත. සාපේක්ෂව අඩු මිලට හොඳ තත්වයේ ජංගම දුරකථන විසඳුම් ලොවට හඳුන්වා දීමට Xiaomi, OnePlus, Oppo වැනි සමාගම් මේ වනවිට හැකිව තිබෙනවා.

 

(උපුටා ගැනීම: tech guru)

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us