මේ නිසාම ලෝකයේ බොහෝ රටවල් සමරිසි අයිතීන් පිළිගෙන අහවරයි. ඒ වෙනුවෙන් නීති පවා සම්මත කොට තිබෙනවා.
එහි තවත් පියවරක් ඉදිරියට තබමින් ඇමරිකාවේ සුප්‍රකට Tiffany & Co. නම් අභරණ සමාගමක් ලොව පළමු සමරිසි වෙළඳ දැන්වීම නිර්මාණය කොට තිබේ.
මෙහි විශේෂත්වය වන්නේ මෙම වෙළඳ දැන්වීම සඳහා ලොව පළමු වරට සැබෑ සමරිසි යුවළක් යොදාගැනීමයි.
2015 වර්ෂය සඳහා නිර්මාණය කර ඇති මෙම වෙළඳ දැන්වීම 'Will You?' නමින් නම් කර තිබේ.
මීට පෙරත් මෙම අභරණ සමාගම ලිංගිකත්වය වෙනස් කරගත් පිරිස් යොදාගෙන දැන්වීමක් නිර්මාණය කර තිබෙන බව වාර්තා වේ.