නව පරපුරේ ජනප්‍රිය නිළියක මෙන්ම දක්ෂ නර්තන ශිල්පිනියක් වන මේනකා මධුවන්ති හා නිරූපණ ශිල්පිණියක් මෙන්ම නිවේදිකාවකාවක් වන ආක්ෂා සුධාරි යන මේ දෙදෙනාව පසු ගිය (09) දින අධිකරණය විසින් අත් අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන ලදී.
ඒ මොවුන් දෙදෙනා හා ආක්ෂාගේ මව වන මොහිදින් වහීදා නැමැති කාන්තාව එකතු වී ටෙලිනාට්‍ය නිළියක වන හංසිකා සිතාරා හට පහරදී ඇය සතුව තිබූ වටිනා ජංගම දුරකථයක් සොරාගන යෑමේ සිද්ධියට සම්බන්ධයෙන් පැවති නඩුව නැවත විභාගවූ අවස්ථාවේ අධිකරණයේ පෙනී නොසිටීම නිසාය.
මීට පෙර පැවති නඩු වාරයේදී ඔවුන් තිදෙනාව ඇප පිට මුදා හැර ඇත.
මෙම සිද්ධිය සිදු වී වසරක් සපිරෙන අතර 2013 ඔක්තෝම්බර් 10 වන දින තමාට මොවුන් තිදෙනා පහරදුන් බවට පැමිණිළි කළ හංසි සිතාරා එම පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ ඉහත සඳහන් දින තමාව නුගේගොඩ නිලූ සැලුන් නැමැති ස්ථානයට ගෙන්වාගෙන එසේ පහරදුන් බවය.
මේනකා මධුවන්ති
ආක්ෂා සුධාරි
හංසි සිතාරා