කෙසේ වෙතත් ඒ සමගම, අරියානාට පෙර ‘ලාබාලතම ගායිකාව’ ලෙස හැඳින්වූ සෙලීනා ගෝමස් සමග බීබර් පැවැත්වූ සම්බන්ධතාවය දෙදරා ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි. ඒ අනුව සෙලීනාට පෙම්වතාත් කිරුළත් දෙකම අහිමිව ගොස් ඇත.
මීට වසර 06කට පෙර ගායන ක්ෂේත‍්‍රයට පැමිණි අරියානාට මේ වන විට වයස අවු. 21 කි. ගායන හැකියාවෙන් පිරිපුන් ඇයට රංගනය සඳහාද අවස්ථාව ලැබී ඇත. ආරිආනා 2011 වර්ෂයේ එළිදැක්වූ ‘Snowflake, The White Gorilla’ චිත‍්‍රපටය සඳහාද රංගනයෙන් දායක වූවාය. ඊට අමතරව 2013 වර්ෂයේ ‘Swindle’’ යන චිත‍්‍රපටය සඳහාද සිය රංගන දායකත්වය ලබාදෙනු ලැබුවාය.
2011 වර්ෂයේදී ඇයගේ කුළුඳුල් ගීත ඇල්බමය ‘Yours Truly’ ගීත ඇල්බමය එළිදැක්වීය. එම වර්ෂයේදී 'U.S. Billboard ' 200 හි හොඳම ඇල්බය ලෙසද එය නම් විය.
ඇගේ දෙවැනි ඇල්බමය ‘The Way’නම් ගීත ඇල්බමයBillboard hot 100 තුළ හොඳම ගීත ඇල්බම් 10 අතරට තේරී පත්විය. 2013 වර්ෂයේදී පටිගත කරනු ලැබූ ‘My Everything’ ඇල්බයේ ගීත 02ක් ‘Break Free’යන ගීත සඳහා 2013 American Music Awards හිදීි ‘New Artist of the Year’යන සම්මානයද හිමි විය.