මාස 2ක් වයසැති ‘ෆ්‍රොස්ටී’ එළු පැටවා පසුගිය සදුදා දිනයේ දී මියගිය පුවත විදෙස් මාධ්‍ය පුරා පැතිර ගියේ ලැව් ගින්නක් මෙනි.
පිටුපස දෙපා සහ කොදුඇට ආශ‍්‍රිත පහළ කොට පණ නැතිවීම නිසා උපන්දා සිටම තනිවම ඇවිදිය නොහැකි අයුරින් රෝගාතුරව සිටි ෆ්‍රොස්ටි සතුටින් තැබීමේ අභියෝගය භාරගත් ‘ඊගර්ස් මිෂන්’ නමැති ස්වෙච්ඡා සංවිධානය මෙම සුරතල් එළු පැටවා වෙනුවෙන්ම පුංචි රෝද පුටුවක් සකසා තිබුණා.
එය ලැබුණු ‘ෆ්‍රොස්ටී’ උද්දාමයෙන් එහා මෙහා යන අයුරු දුටු ඔවුන් ඒ අතරතුර එළු පැටවාට ප‍්‍රතිකාර කිරීමටත් අමතක කළේ නැහැ. ආදරයේ උණුසුම උපරිමයෙන් ෆ්‍රොස්ටීට ලබාදෙන්න ‘ඊගර්ස් මිෂන්’ නිලධාරීන් නිරන්තරයෙන් වෙහෙසුණ නිසා ඔහු ඒ සැමගේ පුංචි සුරතල් එළු පැටියා බවට පත්වුණේ නිතැතින්මයි.
මාස දෙකක් තුළ සතුටින් රෝද පුටුවේ ආධාරයෙන් දුව පැන ගිය ‘ෆ්‍රොස්ටී’ ලොව පුරා ආදරය දිනාගැනීමටත් සමත් වුණා.
රෝද පුටුවෙන් ඇවිද ගිය ෆ්‍රොස්ටී දිනක් තනිවම ඇවිදින්නට පටන් ගත්තා. සතියක පමණ කාලයක් ෆ්‍රොස්ටී සිය උපරිම වැර යොදා දුව පනින්නට තැත් කරමින් ඇවිද ගියා.
සතුට ඉහවහා ගිය ෆ්‍රොස්ටීගේ උතුරා ගිය සිනාවත් සම`ගම ඔහු මියගිය බව කියන හද්කම්පා කරවන පුවත ‘ඊගර්ස් මිෂන්’ සිය නිල සමාජ ජාල ගිණුමේ පසුගියදා සටහන් කර තිබුණා.

(රිවිර)

 
		  	 
															
														 
															
														 
															
														 
															
														 
															
														 
															
														