දැවැන්ත නායයාමකට පෙර ක්‍රියාමක වූ අගලවත්තේ වීර සුනඛයා Featured

Published in අනං මනං
Wednesday, 05 June 2024 13:55

අයහපත් කාලගුණයත් සමග පවති මහා වර්ෂාව හේතුවෙන් අගලවත්ත, බෙල්ලන ආඳාදොළ ප්‍රදේශයේ නිවසක් පිටුපස තිබූ පස් කන්දක් නාය ගොස් නිවස සම්පූර්ණම යටවී තිබෙනවා.

මෙසේ ජීවිත බේරී ඇත්තේ අගලවත්ත බෙල්ලන ආඳා දොළ ප්‍රදේශයේ පදිංචි බෙල්ලන විදානලාගේ සෝමසිරි නැමැති පුද්ගලයා සහ ඔහුගේ දරු පවුලයි.

දැනට මේ දරු පවුල ඔවුන්ගේ ඥාති නිවසක රැඳී සිටින අතර සෝමසිරි මහතාගේ පුත්‍රයා වූ බෙල්ලන විදානලාගේ ශාන්ත කුමාර (33) මේ පිළිබඳව අදහස් දැක්වූයේ මෙසේයි.

''මමයි මගේ බිරිඳ හර්ෂණී අනුෂ්කා සමග අම්මා ශාන්ති ජයසිංහත් තාත්තා බී.වී සෝමසිරි සහ මගේ දිහැවිරිදි දියණිය සෙත්මි අකීෂා ඇතුළු පස්දෙනාම මේ නිවසේ එකට ජීවත් වෙනවා, මේ සිද්ධිය වුනේ අලුයම එකයි පහළොවට පමණ, මහා වැස්සක් සමඟයි, ඒ අවස්ථාවේ නිවසේ සිටියේ මගේ දෙමව්පියන් හා මගේ කුඩා දියනිය සමග මා පමණයි බිරිඳ එදින ගෙදර සිටියේ නෑ ඇය ඇයගේ මහගෙදරට ගොස් තිබුණා.

අපි සියලු දෙනාම ඇහැරිලයි හිටියේ මගේ වයස අවුරුදු දෙකක් වන දියණිය සෙත්මි අකීශා ඇඳට වෙලා හිටියත් ඇයත් මොන හේතුවක් නිසාද දන්නෙ නෑ ඇහැරගෙන හිටියා. අලුයම එකයි පහළොවට පමණ මම සුරතලයට ගෙදර ඇති කර කළු නම් සුනඛයා බුරබුරා නිවස වටේට යමින් නිවස පිටුපසට වී තදින් බුරන ශබ්දය අපට ඇසුණා. බුරන හඬ වෙනදාට වඩා තදින් දැනුණු නිසා මා නිවසේ දොර ඇරගෙන නිවස පිටුපසට වී බුරන කළු අසලට ගියා කළු මට යමක් කියන්නා සේ ගෙදර පිටුපස පන්ස්කන්ඩිය ළඟට ගියා මමත් කළු පිටුපස ගියා පසුව තමයි මම දැක්කේ නිවස පිටුපස කණ්ඩිය පසාරු කරගෙන බොර පාට වතුර පාරක් එනවා.

මම වහාම නිවසට පැන නිවසේ අංශභාග රෝගී තත්ත්වයකින් අසනීප වී සිටි මගේ පියාත් මගේ මවත් ඇඳේ සිටි කුඩා දියණියත් රැගෙන වහාම පැය කාලක් ඇතුළත එළියට පැන දිව්වා, සුනඛයාත් අපේ පසුපස දුවන් ආවා අපට මීටර් පන්සීයක්වත් තරම් දුර පහළට එන්න ලැබුණේ නෑ වාහන දෙකක් එකට හැපෙන සද්දයක් නගමින් නිවස පිටුපස කන්ද සම්පූර්ණයෙන්ම නාය ඇවිත් මගේ නිවස නොපෙනී ගියා, මගේ සුරතල් සුනඛයා කළු අපට මේ විදිහට සංඥාවක් නොදුන්නනම් අපේ ජීවිත හතරක් ඒ මහා පොළොවට යට වී වැළලෙන්නට තිබුණා, නමුත් කළු නිසා අපේ ජීවිත බේරුණා...''

king.queen facbook පිටුවෙන්

Gossip

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us