''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක් Featured

Published in අනං මනං
Thursday, 09 May 2024 12:34

වසර පුරා සෞභාග්‍ය හා වාසනාවන උදාකරවන අක්ෂය ත්‍රිතිය හෙවත් අක්ෂ්‍ය නැකැත හෙට (10) දිනට යෙදී තිබෙනවා.

බක් අමාවක දිනයෙන් පසුව එන තෙවන දිනය මෙම නැකත යෙදෙන බව සඳහන්.

අක්ෂ්‍ය යන්න සංස්කෘත භාෂාවෙන් ''කිසි දිනෙක අඩුවක් නොවන" යන අරුත් ගෙන දෙන්නක් වනවා.

එදින ඇඳුම්, ආභරණ, වාහන, ඉඩම් වැනි දෑ මිල දී ගැනීම් සහ සුබ කාර්යයන් ආරම්භ කළ හැකියි.

කෙසේ වෙතත් එදින රන් ආභරණ පමණක් මිල දී ගත යුතු යැයි ජනතාව අතර විශ්වාසයක් පවතිනවා.

එදින අපට අවශ්‍ය ඕනෑම දෙයක් මිල දී ගත හැකි බව සඳහන්.

මෙවර අක්ෂ්‍ය නැකැත මැයි මස 10 වැනිදා අලුයම 4.17 සිට මැයි මස 11 වැනිදා දහවල් 2.50 දක්වා යෙදී තිබෙනවා.

මෙම දිනයන් දෙකෙහි අලුයම 5.45 සිට මධ්‍යහාන 12.06 දක්වා කාලය තුළ ඇඳුම්, ආභරණ, ඉඩම් සහ වාහන මිල දී ගැනීම් සහ සුබ කාර්යයන්හි නිතර විය හැකියි.

එම කාලයේ දී අදාළ කාර්යයන් සිදු කළ නොහැකි පිරිසට වෙනත් වෙලාවක අදාළ ද්‍රව්‍ය මිල දී ගැනීම සිදු කළ හැකි බව ජෝතීර්වේදයේ වැඩිදුරටත් සඳහන්.

මෙම නැකතේ දී භාණ්ඩ මිල දී ගැනීමෙන් වසර පුරා ලක්ෂ්මි දෙවියන්ගේ ආශීර්වාදය ලැබෙන බවට විශ්වාසයක් ජනතාව තුළ පවතිනවා.

එමෙන් ම මෙම නැකත යෙදී ඇති දිනයෙහි දුප්පතුන්ට උදව් කිරීම පමණක් නොව ඔබ කැමැති අයෙකුට පොතක් ද පරිත්‍යාග කළ හැකියි.

අක්ෂ්‍ය ත්‍රිතියෙහි ඇති වැදගත්කම
අක්ෂ්‍ය ත්‍රිතිය යනු ඉන්දියාවේ වසන්ත කාලයේ ආරම්භය සනිටුහන් කරන දිනයක් ලෙස සැලකෙනවා.

හින්දු ආගමිකයන් පමණක් නොව ජෛන ආගමිකයන් ද මෙම දිනය සමරන බව සඳහන්.

විෂ්ණු දෙවියන්ගෙන් සය වන අවතාරය පරසුරාමන්ගේ උත්පත්තිය සිදු වූයේ ද මෙවැනි දිනයක බවයි දැක්වෙන්නේ.

එමෙන් ම ත්‍රීරේදා යුගයේ ආරම්භය සිදු වී ඇත්තේ ද මෙවන් දිනයකයි.

ධනයට අධිපති කුවේරයන් හට එම වරප්‍රසාදය ශිව දෙවියන් සහ මහා ලක්ෂ්මී දේවිය අතින් පිරිනැමුනේ ද අක්ෂය ත්‍රිතියෙහි දීයි.

ගණ දෙවියන් විසින් මහා භාරත පුරාණය ග්‍රන්ථාරූඪ කිරීම ආරම්භ කර ඇත්තේ ද අක්ෂය ත්‍රිතිය නැකතින් බව සඳහන්.

Gossip

ශේෂාද්‍රි නැවතත් යුගදිවියට

ශේෂාද්‍රි නැවතත් යුගදිවියට

ශේෂාද්‍රි ප්‍රියසාදි කියලා කියන්නේ මේ වන විට සියල්ලගෙම ආදරේ දිනාගත්ත නිළියක්.

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us