ජාත්‍යන්තර එමී සම්මාන උලෙළේදී ශ්‍රී ලාංකිකයෙකුට සම්මානයක් Featured

Published in අනං මනං
Thursday, 28 December 2023 08:59

ජාත්‍යන්තර රූපවාහිනි ක්ෂේත්‍රයේ දැවැන්ත සම්මාන උලෙළක් ලෙස සැලකෙන එමී සම්මාන උලෙළේ දී ලාංකිකයෙකුට සම්මානයක් හිමි ව තිබේ.

ජේසන් රාජසිංහ නැමැති ඔහු සම්මානයට පාත්‍රව ඇත්තේ, Outstanding Achievement for Lifestyle නැමැති අංශයෙනි.

65 වැනි වාර්ෂික චිකාගෝ/මිඩ්වෙස්ට් එමී සම්මාන උලෙළ පසුගියදා පැවැත්විණි.

ඩිස්කවර් මීඩියාවර්ක්ස් සමාගම වෙනුවෙන් නිර්මාණය කරන Uniquely Wisconsin නමැති වැඩසටහන් මාලාවේ “Farm to table pizzas: The little red barn” නමැති නිර්මාණය වෙනුවෙන් ජේසන් රාජසිංහ සම්මානයට පාත්‍ර විය.

2010 දී PRIME TV ආයතනයට එක්වන ජේසන් සිය මාධ්‍ය වෘත්තිය අරඹන්නේ, නිවේදකයෙකු ලෙසිනි.

පසුව ඔහු CSN නාළිකාවේ රථවාහන වැඩසටහන් මාලාවක් වූ MoTORQUEහි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේය.

පසුව අමරිකාවට යන ජේසන් RAD PRODUCTIONS USA නමින් සිනමා සමාගමක් ස්ථාපනය කර තිබිණි.

එම සමාගම හරහා ඔහු විසින් ORIGIN නමැති පර්යේෂණාත්මක වැඩසටහනක් නිෂ්පාදනය කරනු ලැබුවේ විවිධ රටවල ආහාර සම්භවය සහ ඉතිහාසය පදනම් කරගනිමිනි.

එහි එක් වැඩසටහනක් ලබන වසරේදී ශ්‍රී ලංකාවේ දී රූගත කිරීමට නියමිතයි.

'' චිකාගෝ/මිඩ්වෙස්ට් එමී සම්මාන උළෙලේ දී සම්මානයන් හිමි වීම ඇත්තටම දිරිගන්වන කාරණයක්. යුනික්ලී විස්කොන්සින් පළමු කතා මාලාවට සම්බන්ධවීම ගැන ඇත්තෙන්ම සතුටුයි. මේ ජයග්‍රහණයත් සමග මගේ අවධානය යොමුවී තිබෙන්නේ අපට යොවුන් ජනතාව කෙරෙහි බලපෑමක් ඇතිකළ හැකි බව සහ ශ්‍රී ලාංකික කුසලතා ජාත්‍යන්තර තලයේදීත් සාර්ථක වන බව පෙන්වන්නයි. ඒකයි අප දැන් ශ්‍රී ලංකාවේදී කරන්නේ. මගේ ආයතනය පසුගිය 10 වසරක් තුළ සිනමා කර්මාන්තය සඳහා යොවුන් පෙළ සකස් කිරීමට කටයුතු කළා. මම අමෙරිකාවෙත් එවැනි සමාගමක් පිහිටුවා තිබෙනවා. එමගින් ශ්‍රී ලංකාව පසුබිම් කරගත් වාර්තා වැඩසටහවක් සකස් කරමින් සිටිනවා. 2025 වසරේදීත් තවත් වාර්තා චිත්‍රපටයක් නිමවෙන්න නියමිතව තිබෙනවා. එමගිනුත් ශ්‍රී ලංකාව ලෝකය වෙත රැගෙන යයි''

-P.M

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us