අකලට වියපත් වීම වළක්වා ගන්න Omega 3

Published in අනං මනං
Monday, 06 November 2023 13:57

මිනිසාගේ නිරෝගීභාවය වෙනුවෙන් සහ යහපැවැත්ම වෙනුවෙන් සමබල ආහාර වේලක් පවත්වාගත යුතු වැදගත් සාධකයක්. ඒ අතරින් අපේ ශරීරයට අත්‍යවශ්‍ය ඔමේගා (Omega) 3 මේද අම්ල ගැන ගොඩක් අය කතා බහ වෙන කරුණක්.

මත්ස්‍යයන් තුළින් මේ ඔමේගා 3 ශරීරයට පහසුවෙන් ලබා ගන්න පුළුවන් වෙනවා. සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට අත්‍යවශ්‍ය වන මේද අම්ලයක් වන මෙම ඔමේගා 3 පෝෂණය අපේ ශරීරයෙන් නිෂ්පාදනය නොකිරීම නිසා ශරීරයට ආහාරවලින් ලබා ගත යුතු වෙනවා.

කෙසේ වෙතත් ප්‍රමාණවත් තරම් ඔමේගා 3 ආහාරවේලකින් ලබා ගන්න ටිකක් අපහසු කාරණාවක් නමුත් අපිට අතිරේකයක් වශයෙන් ශරීරයට එකතු කරගන්න හැකියාව තිබෙනවා.

ෆිෂ් ඔයිල් (fish oil) බොන්න හැම දේටම හොඳයි...

මේ වගේ බොහෝ කතා fish oil එක්ක කතා වෙනවා. ගොඩ දෙනෙක් විවිධ හේතුවලට මේවා ගන්නවා. ඉතින් අද fish oil වල මිත්ත්‍යාවන් සහ නිවැරැදි භාවිතය ගැන කතා කරමු.

ෆිෂ් ඔයිල් වල අහල ඇති ඔමෙගා 3 ෆැටි ඇසිඩ් සහ ඔමෙගා 6 කියලා තියනවා. මේකෙන් වඩාත්ම වැදගත් වෙන්නෙ ඔමෙගා 3.

ෆිෂ් ඔයිල් වලට කොලෙස්ටරෝල් අඩු වෙනවද? කියල ‌ගොඩක් අය අහන ප්‍රශ්නයක්. ෆිෂ් ඔයිල්වලට කොලෙස්ටරෝල් අඩුවෙන්නේ නැහැ. බොහොම සුළු ප්‍රමාණයකින් ශරීරයේ තිබෙන හොද කොලෙස්ටරෝල් ( HDL) වැඩි කරනවා.

ඇත්තටම වෙන්නෙ, අපේ රුධිරගත කොලෙස්ටරෝල් ඔක්සිකරණය වෙලා කොලෙස්ටරෝල් තැම්පත් වීමක් වෙනවා. මේක තමයි නරක. ඉතින් මේ ෆිෂ් ඔයිල් වලින් මේ තැම්පත් වීම නවත්වනවා. මේ නිසා හදවත් රෝග අවදානම අඩුකරනවා. ඔමේගා 3 මේද අම්ල මගින් ට්ර්යිග්ලිසරයිඩ් විශාල ප්‍රමාණයකින් අඩු කරන්නට දායක වෙනවා. ඒ වගේම අධි රුධිර පීඩනය ඇති පුද්ගලයන්ගේ රුධිර පීඩන මට්ටම අඩු කරන්නත් දායක වෙනවා. ඔමේගා 3 වලට හැකියාව තියෙනවා රුධිර පට්ටිකා එකට ගැටීම වළක්වා හානිදායක රුධිර කැටි ගැසීම් වලක්වා ගන්න. එසේම ශරීරයට හිතකර කොලෙස්ටරෝල් මට්ටම වැඩි කරන්නටත් දායක වෙන ඔමේගා 3 අඩංගු මෝරතෙල් හදවතේ ගැටලු ඇති වීමේ අවදානම බොහෝදුරට අඩු කරනවා.

ඒ වගේම මෙම ඔමේගා 3 වලින් පිළිකා මර්දනය කරනවා. කාන්තාවන් භාවිතා කළ යුතු තෙල් වර්ගයක් විදියට මෝරතෙල් හඳුන්වන්නට හැකියාව තියනවා. මෝරතෙල් කාන්තාවන්ගේ වයස්ගත වීමත් එක්ක ඇතිවන අස්ථිවල ගැටලු සඳහා වගේම කාන්තාවන් බහුතරයකට ඇතිවන පියයුරු පිළිකා මර්දනය කිරීමේ හැකියාවකුත් මේ මෝර තෙල් සතු නිසා. මේ මගින් පියයුරු පිළිකා සෑදීමේ ප්‍රවණතාවය අඩු කරන අතර පුරස්ථි ග්‍රන්ථි පිළිකා ඇතිවීමත් වළක්වනවා. ඒ වගේම පියයුරු පිළිකා මර්දනය සඳහා දිගුකාලීන ප්‍රතිකර්මයක් ලෙසත් මෙය ඉතා වැදගත් වෙනවා.

ඔසප් වේදනාව අවම කිරීමත් ෆිෂ් ඔයිල් වල ඇති ඔමෙගා 3 මගින් සිදුවෙන බව වෛද්‍ය පර්‍යේෂණ මගින් සොයාගෙන තිබෙනවා. ඔසප් වීමේදි දරුණු වේදනාවන්ට ලබා දෙන ඖෂධ වලට වඩා ඔමෙගා 3 අතිරේකය වඩාත් ඵලදායි බවත් සොයාගෙන තියෙනවා.

අපි හැමෝම කැමති දෙයක් තමයි අපේ සම සුන්දරව නිරෝගී පැහැපත්කම රදවාගන යන්න. මේ ඔමේගා 3 පෝෂකයෙන් නිරෝගී සමක් ලබාදෙනවා. සමේ තෙතමනය ආරක්ෂා කිරීමට, සමේ කුරුලෑ, ලප කැළැල් ඇති වීම අඩුවීමටත් උදව් වෙන මේ ඔමේගා 3 භාවිතයෙන් අකලට වියපත් වීම වළක්වා ගන්නට හැකියාව ලැබෙනවා. වැඩිහිටි පුද්ගලයන්ගේ මතකය අඩුවීම අවම කර හොඳ මතක ශක්තියක් පවත්වා ගෙනයාමටත් උපකාරී වෙනවා.

අපි නිතරම මාලු ආහාරයට ගන්නවා, ඒක නිසා අපිට ෆිෂ් ඔයිල් ගන්න ඕනි නෑ නේද? කියල කවුරු හරි අහනවා නම් ඔබ දැන ගත යුතු කරුණක් තමයි ඔමේගා 3 අඩංගු වන්නේ කුඩා මත්සයන්ගේ බව. ඔබ විශාල මාලුවන් ආහාරයට ගන්නවා නම් ඔබට ඔමේගා 3 ලබා ගන්න හැකියාවක් නැහැ. මුහුදු පත්ලේ තිබෙන කුඩා පැළෑටි ආහාරයට ගන්නා මසුන්ගේ තමයි ඔමෙගා 3 බහුලව පවතින්නේ.

ඒ කොහොම වුණත් ෆිෂ් ඔයිල් අපේ ශරීරයට බෙහෙවින් හිතකර ප්‍රතිලාභ ලබාදුන්නත් එය නිසි මාත්‍රාවකින් වෛද්‍යවරයෙකුගේ නිර්දේශය මත ලබා ගැනීමට කටයුතු කිරීම අනිවාර්යයි. ඒ වගේම ප්‍රමිතියෙන් යුතු fish oil ලබා ගැනීමට ඔබ විශේශයෙන්ම සැලකිලිමත් විය යුතු බව අපි ඔබට මතක් කරනවා.

 

-RS

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us