65 හැවිරිදි පියා හා 62 මව ඝාතනයකොට ඔවුන්ගේ සිරුරු කපා ඒ මස්‌වලට ලූණු දමා ව්‍යාංජන ලෙස සකස් කොට මොහු කෑම පෙට්ටි වලට ඒවා අසුරා තිබේ.
දෙමාපියන් මෙලෙස ඝාතනය කිරීමෙන් අනතුරුව ඔහු පොලිසියේ පැමිණිල්ලක් ගොනු කොට ඇත්තේ සිය දෙමාපියන් ආගිය අතක් නොමැති බව දන්වමිනි. ඔහුගේ ප්‍රකාශය ගැන සැකසිතු පොලිසිය ඔහුගේ නිවහන පරීක්ෂා කිරීමේදී පෙනීගොස් ඇත්තේ මිනි මස් උයන ආකාරය පිළිබඳව ඔහු බොහෝ කලක් අධ්‍යනයකොට ඇති බවයි. ඒ අනුව සොයා බැලීමේදී ඝාතනය කරන ලද දෙමව්පියන්ගේ සිරුරු කොටස් ශීතකරණවල තිබී හමුවී ඇත.
අත්අඩංගුවට ගනු ලැබූ මේ පුද්ගලයා පවසා ඇත්තේ මාස තුනක සිට මේ ඝාතනය සඳහා සූදානම් වූ බවත් මිනී මස් ඉවීම සඳහා වෙනම භාජන මෙන්ම විදුලි උඳුන්ද ඔවුන් විසින් රැගෙන ආ බවය. මේ ඝාතනය කළ යුවළගේ හිස් දෙක ශීතකරණයේ තිබී හමු වී ඇත.




