මගේ ලියුම අම්මා හැංගුවා-ඩාන්සින් ස්ටාර් මල්ෂා රවිහාරි

Published in කලා
Thursday, 18 June 2015 09:41

සුපිරි තරු මාවතේ තවත් නර්තන තරුවක් පසුගියදා අභිෂේක ලැබුවා. සිරස ඩාන්සින් ස්ටාර් තෙවන අදියරයේ හොඳම නර්තන ශිල්පිනිය ලෙසින් මෙලෙස සම්මානනීය වුණේ දිවුලපිටියේ පදිංචි මල්ෂා රවිහාරි රාජපක්ෂ. සිරස ඩාන්සින් ස්ටාර් වේදිකාවට වෙනස්ම හැඩයක් ලබා දුන් ඇය අභියෝගාත්මක නර්තනයන් ඉදිරිපත් කළේ තම දක්ෂතා තවතවත් ඔප් නංවමින්.

සිරස ඩාන්සින් ස්ටාර් මෙවර කිරුළ දැන් ඇය සුරතේය. ඒ ඇයගේ දක්ෂතාවයේ සේම කැපවීමේද ප්‍රතිඵලය යි. දෝරේ ගලා යන සතුටද සමඟින් මල්ෂා තමා ලද මේ ජයග්‍රහණය ගැන කතා කළා.

මේ ජයග්‍රහණය මල්ෂාට දැනෙන්නේ කොහොමද?

ගොඩක් ලොකු සතුටක් දැනෙනවා. තරගකරුවන් විශාල පිරිසක් අතරින් පැමිණ මම මගේ දක්ෂතා පෙන්නුවා. ඒ වෙනුවෙන් ලද සම්මානය තමයි මේ.

ඩාන්සින් ස්ටාර් වැඩසටහනට සම්බන්ධ වුණේ කොහොමද?

Sara-06-18-Dance-03-nprමම ටීවි එකේ දැකලා සිරස ඩාන්සින් ස්ටාර් වැඩසටහනට අයදුම් කළා. මීට පෙර වැඩටහන් බලලා ගොඩක් ආසාවෙන් හිටියේ. නර්තනයට මම ගොඩක් කැමැතියි. ඒ නිසා මගේ දක්ෂතා සිරස ඩාන්සින් ස්ටාර් වැඩසටහන යටතේ ඉදිරිපත් කරන්න ඕනි කියලා මම හිතුවා. සිරසෙන් මට කෝල් කරලා ඩාන්සින් ස්ටාර් වැඩසටහනට පෙර සාකච්ඡාවකට එන්න කියලා දැනුම් දුන්නා. ලියුමකින් දැනුම් දුන්නා කිව්වත් මට ලියුමක් නම් ලැබුණේ නැහැ. ඇත්තටම මගේ ලියුම අම්මා හංගලා.

පළමු වටයේදී මොකද හිතුනේ?

ලොකු පිරිසක් ඇවිත් හිටියා. ඉදිරිපත් වෙන්න ලැබුණු අවස්ථාව ගැන සතුටින් හිටියා.

ඩාන්සින් ස්ටාර් වෙන්න හිතුවෙ නැද්ද?

මුලින්ම නම් හිතුවේ නැහැ. අන්තිම දස දෙනා අතරට සුදුසුකම් ලැබුවාට පස්සේ නම් මගේ උපරිම කැපවීමෙන් කිරුළ දිනනවාමයි කියා අධිෂ්ඨාන කළා.

නර්තනයට උනන්දුව ඇති වුණේ?

පොඩි කාලයේ පටන්ම මම නර්තනයට ගොඩක් ලැදියි. මම මීගමුව ආවේ මරියා කන්‍යාරාමය සහ හරිශ්චන්ද්‍ර ජාතික පාසලෙන් අධ්‍යාපනය ලැබුවේ. පාසලේදීත් විෂයක් ලෙසින් නර්තනය හැදැරුවා. ඉන්පසුව මහරගම යූත් නර්තන කණ්ඩායමට සම්බන්ධවෙලා හිටියා.

නර්තනයට අමතරව මල්ෂා ක්‍රීඩාවටත් ගොඩක් දක්ෂයි නේද?

ක්‍රීඩා වෙනුවෙන් මම පදක්කම් තුන්සිය පනහකට වැඩි ගණනක් දිනාගෙන තියෙනවා. වසර දෙකක් නාවික හමුදා ක්‍රීඩා සංචිතයට ඇතුළත්ව සිටියා. 2010 වසරේදී දුර පැනීමේ ඉසව්ව වෙනුවෙන් දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ලංකාව නියෝජනය කළා. දුර පැනීමේ ඉසව්වේ බස්නාහිර පළාත් තරඟ වාර්තාවකුත් මා සතුයි.

සිරස ඩාන්සින් ස්ටාර් වේදිකාව වෙනස් කළ චරිතයක් ලෙසින් ඔබ ප්‍රසිද්ධයි?

මට හැමදාම ඕනි වුණේ වෙනසක් කරන්න. ඒ වගේම අභියෝගාත්මක දේ කරන්නත් කැමැතියි. ඒ නිසා මම කේබල් අධාර කරගෙන කරන නර්තනයක් සහ ජල ටැංකියක් තුළදී කරන නර්තනයක් ඉදිරිපත් කළා. සිරස ඩාන්සින් ස්ටාර් වේදිකාවේ විතරක් නෙවෙයි මීට පෙර මෙරට කිසිම වේදිකාවක එවැනි නර්තනයන් ඉදිරිපත් වෙලා තිබුණේ නැහැ.

ඔබ එවැනි නර්තනයන් ප්‍රගුණ කළේ කෙහොමද?

මම අන්තර්ජාලයෙන් එවැනි නර්තන දැකලා තිබුණා. සංඛ ප්‍රසාද් ගුරුතුමා තමයි මගේ නර්තන ගුරුවරයා වුණේ. සංඛ සර්ගේ මග පෙන්වීම ඔස්සේ මට සාර්ථකව එය ඉදිරිපත් කරන්න හැකි වුණා. ජල ටැංකියේ නර්තනය පිහිනුම් තටාකයක මුලින්ම පුහුණු වුණා. ඊට පසුව තාත්තාගේ මිතුරෙක් වූ සුමිත් මාමා තමයි ටැංකිය හදලා දුන්නේ. කේබල් වලට උදව් කළේ සුනිල් මාමා.

කේබල් ආධාරයෙන් ඉහළ අවකාශයේ නර්තනයේ යෙදෙනකොට මල්ෂාට බය හිතුණේ නැද්ද?

බය හිතුණේ නැහැ. නටන්න කලින් මම සුනිල් මාමා ගෙන් අහනවා ෂුවර්ද කියලා. බය නැති වෙන්න කේබල් කඩා වැටෙන්නේ නැහැ කියන විශ්වාසය ඔහු ඇති කළා. ඒ වගේම වේදිකාවේ වෙනසක් කරන බලාපොරොත්තුව නිරතුරුව මා දිරිමත් කළා.

ඩාන්සින් ස්ටාර් තරගයේදී වරින්වර වර්ෂාව වැටෙන්න සළස්වලා තිබුණා. ජල ටැංකියේ නර්තනයේදී පුහුණුවීම් අතරතුර මම හුස්ම ගන්න එළියට එන වෙලාව වෙනකොටම වැස්ස වැටුණා. එතකොට නම් හුස්ම හිර වෙනවා වගේ දැණුනා. මම ඉක්මනට ඒක නවත්වන්න කිව්වා. ඊට පස්සේ දවසක හීනෙනුත් ඒක දැකල ආයෙමත් බය වුණා.

මල්ෂාගේ පෞද්ගලික තොරතුරුත් කියන්න?

මගේ තාත්තා ජී. ඩි රාජපක්ෂ. ඔහු ව්‍යාපාරිකයෙක්. අම්මා පී මුතුගල. ඇය ගුරුවරියක්. අයියා දිලීප. ෂෙහාන්, කස්සප කියලා මල්ලිලා දෙන්නෙක් ඉන්නවා. තාත්තයි අම්මයි මුලින්ම මම ඩාන්සින් ස්ටාර් තරගයට එනවාට කැමැති වුණේ නැහැ. ශ්‍රීමති ලියනගේ මගේ නැන්දා තමයි මාව හැමදේටම එක්කරගෙන ආවේ. අවසන් 32ට සුදුසුකම් ලැබුවට පස්සේ අම්මයි තාත්තායි ගොඩක් සතුටු වුණා.

මල්ෂාට මේ ජය ලබන්න සහය වූ අනෙකුත් අය ගැනත් සිහිපත් කළොත්?

ලොකු පිරිසකගේ සහයෝගය මට ලැබුණා. සංජය මුරගල ගොඩක් උදව් කළා. ගීත ගොඩක් හොයලා දුන්නේ සංජය. නිමල් සුපර් ලයිට් වගේම මගේ ඇඳුම් නිර්මාණය කළේ සතිස කොස්ටියුම්ස් වෙනුවෙන් සංජය. මගේ පවුලේ අයත් මට දැවැන්ත ශක්තියක් වුණා.

අවසාන වශයෙන් මල්ෂාට කියන්න පණිවුඩයක් තියෙනවාද?

මගේ ගුරුවරුන්ට සහ ලංකාව පුරා විසිරි සිටින රසික රසිකාවන්ට මගේ හදපිරි ප්‍රණාමය පිරිනමනවා. මගේ ජයග්‍රහණයට මේ හැමෝගෙන්ම ආශිර්වාදය ලැබුණා. ඒ වගේම මට මේ අවස්ථාව ලබා දුන් සිරස ආයතනයටත් මේ අවස්ථාවේදි මා ස්තූතිවන්න වෙනවා.

යතේජා ඥානරත්න
ඡායාරූප – මාලන් කරුණාරත්න

සරසවිය

 

Last modified on Thursday, 18 June 2015 10:01

Leave a comment

Gossip

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us