WhatsApp හරහා කුණුහරුප කිව්වොත් දඩය ලක්ෂ 92යි

Published in අනං මනං
Wednesday, 17 June 2015 15:47

අන්තර්ජාලය හරහා සිදුවන අපරාධවලට විරුද්ධ වීමට  දැන් දැන් රටවල් අලුත් නීති හදනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය තුල යම් පුද්ගලයෙක් තවත් කෙනෙකුට අන්තර්ජාලය හරහා අසභ්‍ය වචනයෙන් බැණ වැදුන බව තහවුරු වුවහොත් විශාල දඩයක් ගෙවන්න සිදුවෙනවා. මේ නීතිය ක්‍රියාත්මක වන්නේ පසුගිය ඔක්තෝම්බර් මාසයේ සිටයි.

අරාබියේ ක්‍රියාත්මක නව නීතිය අනුව අසභ්‍ය බැණ වැදෙන පුද්ගලයෙකුට එරට මුදලින් ඩිනාර් 250000ක දඩයක් නියම වෙනවා. ඒ විතරක් නෙමේ රටින් පිටුවහල් වෙන්නත් සිදුවෙනවා.

මේ දඩය  ශ්‍රී ලංකා මුදලින් ලක්ෂ 92ක් පමණ වෙනවා.

මීට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලධාරීන් පවසන පරිදි  මැද ඇඟිල්ලේ රූපයක් අන්තර්ජාලය හරහා යැවීමත් දඬුවම් ලැබිය හැකි වරදක් වේ.

පසුගියදා එරට WhatsApp හරහා අසභ්‍ය වචනයෙන් බැණ වැදුන බවට චෝදනා ලද පුද්ගලයෙකුට ඩිනාර් 3000ක මුදලක් ගෙවන්න නියම වී තිබෙනවා. නමුත් ඔහු මේ අලුත් නීතිය නොදැන සිටීමේ හේතුව මත නැවත අභියාචනයක් ඉදිරිපත් කර ඇති බව පැවසේ.

 

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us