රත්තරන් හදවතක් ඇති මිනිසා

Published in අනං මනං
Monday, 15 June 2015 11:12

ලේ දන්දෙනවා කියන්නෙ ලොකු පරිත්‍යාගයක්. ඒත් ඒ පරිත්‍යාගය වසර වසර ගණනක් පුරා නොකඩවා ඉටු කරනවා කියන්නෙ ලේසි පහසු දෙයක් නෙමේ. එවැනි ඉතා වැදගත් කාර්යක් ඉටුකරන්නෙක් තමයි ජේම්ස් හැරිසන්.

ජේම්ස් වාසය කරන්නෙ ඕස්ට්‍රේලියාවේ. ඔහුගේ රිධිරය තුල ඉතා දුර්ලබ ප්‍රතිදේහ අඩංගුවෙනවා. මේ දුර්ලබ හැකියාව නිසාම ඔහුට කුඩා දරුවන් මිලියන දෙකකගේ පමණ ජීවිත බේරගන්න හැකි වෙලා.

ඔහුට වයස 14දී පමණ පෙනහැල්ල ආශ්‍රිත විශාල ශල්‍ය කර්මයකට මුහුණ දෙන්න සිදුවෙනවා. මේ හේතුව නිසා ඔහුට විශාල ප්‍රමාණයක් පිටතින් ලේ ලබාදෙන්න සිදු වෙලා. මේ කරණය තමන්ගෙ පියාගෙන් දැනගන්න ජේම්ස් තීරණය කරනවා කවදාහෝ රුධිරය පරිත්‍යාග කළ යුතුයි කියලා.

ඒ වකවානුවේ ගැබිණි මවුවරුන්ගේ රුධිරය දරුවන්ගේ ලේ සමඟ නොගලපිමේ හේතු නිසා දරුවන් දහස් ගණනක් මිය යනවා වගේම විවිධ රෝග වලට ගොදුරුවෙනවා. මේ සම්බන්ධව ඕස්ට්‍රේලියාවේ පරීක්ෂණයක් පැවැත්වෙනවා. ජෙම්ස්ගේ රුධිරය තුල දුර්ලබ ප්‍රතිදේහ ඇති බව හඳුනා ගැනීමත් සමඟම ඔහු උදව් වෙනවා මේ පරීක්ෂණ සඳහා.

ජේම්ස් නම් කියන්නේ තමන්ගේ රුධිරයේ කිසිම වෙනසක් නොමැති බවයි. නමුත් ඕස්ට්‍රේලියාවේ රතුකුරුස සංවිධානය පවසන පරිදි ජේම්ස් වැනි දුර්ලබ රුධිරය අඩංගු පුද්ගලයන් එරට සිටින්නෙ පනස් දෙනෙකු පමණයි.

ඔහු තුල දුර්ලබ වර්ගයේ රුධිරය අඩංගු වීමටත් වඩා විශේෂත්වය තම රුධිරය පරිත්‍යාග කිරීමට ඔහු වසර ගණනක් පුරා දක්වන කැපවීමයි. ජේම්ස් 1960 සිට කිසිම මගහැරිමකින් තොරව 1100 වතාවක් ලේ දන්දී තිබෙනවා.

james blood2

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us