ගණන් බැරිනම් කසාද බැඳලත් ඉවරයි

Published in අනං මනං
Saturday, 14 March 2015 09:29

මංගල දිනයේදී මනාලිය විසින් මනාලයාට ඉදිරිපත් කරන ලද සරල ගණිත ගැටළුවකට නිවැරදි පිළිතුර ලබා දීමට මනාලයා අපොහොසත් වීම නිසා විවාහ වීම ප්‍රතික්ෂේප කර මංගල උත්සවයෙන් පිටව ගිය මනාලියක පිළිබඳව ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වෙයි.

පහළොවයි හයයි එකතු කළ විට මුළු එකතුව කීයදැයි මනාලිය මනාලයාගෙන් අසා තිබේ. මනාලයාගේ පිළිතුර වූයේ ‘දා හතක්’ යන්නයි.

ඒ මොහොතේදී ම විවාහ වීම ප්‍රතික්‍ෂේප කළ මනාලිය එතැනින් පිටව ගොස් ඇති අතර ඇය නැවත ගෙන්වා ගැනීමට මනාලයාගේ ඥාතීන් උත්සාහ කරද්දී මනාලිය පවසා ඇත්තේ මනාලයාගේ අධ්‍යාපන මට්ටම පහත් බවයි.

ඉන් අනතුරුව පොලිසියේ මැදිහත් වීම මත, විවාහයට පෙර පවුල් දෙක අතර හුවමාරු වූ තෑගි භෝග සහ ස්වර්‍ණාභරණ ආපසු එකිනෙකාට භාර දුන් බව පැවසේ.

ඉන්දියාවේ බොහෝ විවාහයන් වැඩිහිටි කැමැත්තට අනුව තීරණය වන හෙයින් ඇතැම් විට විවාහයට පෙර, විවාහ වන දෙදෙනාට එකිනෙකා පිළිබඳව මනා අවබෝධයක් නොමැත.

පසුගිය මාසයේදී ද ඉන්දියාවේ මෙවැනි විවාහයක් අතරතුර සිදු වූ අපූරු සිද්ධියක් මාධ්‍යයට වාර්තා විය. විවාහ උත්සවය අතරතුර මනාලයා සිහි සුන් වීම නිසා ඔහු මීමැස්මොර රෝගයෙන් පෙළෙන බව දැන ගත් මනාලිය එම මනාලයා ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ වෙනුවට එතැන සිටි ඇයගේ මස්සිනාව විවාහ කර ගෙන තිබේ.

(bbc)

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us