ඉතිහාසය වෙනස් කළ ඡායාරූප

Published in අනං මනං
Wednesday, 11 February 2015 14:47

අතීතයේ විවිධ අවස්ථාවලදී ගනු ලැබූ ඇතැම් ඡායාරූප අනාගත පරම්පරාවලට සදා අමරණීය මතකයක් ලබාදීමට හේතුවූ අවස්ථා ඉතිහාසයෙන් වාර්තා වේ. මෙම ඡායාරූප අදටද සුවිශේෂී වන්නේ ඒවායෙන් නිරූපණය වන සංවේදී සිදුවීම් නිසා මෙන්ම ඒවා ඡායාරූපයට නැගුණු අහඹු ආකාරයත්, ඇතැම්විට ඒවා ඉන් නිරූපණය වන පුද්ගලයාගේ මරණයට මොහොතකට පෙර අහම්බෙන් මෙන් ගනු ලැබුණූ ඒවාත් වන නිසාය.

මීට අමතරව නූතන ඡායාරූප ශිල්පය භාවිතයට පැමිණීමට පෙර අනියම් ආකාරවලින් ගනු ලැබූ ඡායාරූපද වෙයි. මේවා මෙකී නොකී සියලු කාරණා නිසා ඓතිහාසික ඡායාරූප ගණයෙහිලා සැලකෙන ඒවාය. මෙම ලිපියෙන් ගෙනෙන්නේ ඉතිහාසයේ නම රැන්දූ එබඳු සුවිශේෂී ඡායාරූප කිහිපයක් පිළිබඳවය.

පැරණිම ඡායාරූපය

photo1

1826 දී නිසෙෆොර් නිප්සේ විසින් ප්‍රංශයේදී ගනු ලැබූ මෙම ඡායාරූපය දැනට පවතින පැරණිම ඡායාරූපය ලෙස සැලකේ. පැය අටක කාලයක් හිරු එළියට නිරාවරණයකොට තබා සකසා ගනු ලැබූ මෙම ඡායාරූපය නූතන ඡායාරූප ශිල්පය භාවිතයට පැමිණීමට පෙර හිරුඑළිය ආධාරයෙන් එනම් හීලියෝග්‍රැෆි ක්‍රමවේදය භාවිතයෙන් ගනු ලැබූවකි.

ගල් කඩන දරුවෝ

photo2

1910 දී ඇමෙරිකාවේ පෙනිසිල්වේනියා ප්‍රාන්තයේදී ලුවිස් හයින් විසින් ගනු ලැබූ ගල්අඟුරු කඩන දරුවන්ගේ මෙම ඡායාරූපයද සුවිශේෂී වන්නේ එය ඇමෙරිකාවෙන් ළමා කම්කරු සේවය මුලිනුපුටා දැමීමට හේතුවූ නිසයි. එකල පාෂාණවලින් ගල්අඟුරු කඩා වෙන් කිරීමට ළමුන් සුලබව යොදා ගත්තේ ළමා ශ්‍රමය සූරා කෑමට ලක්කරමිනි.

පැරිස් නුවර සිරි නරඹන හිට්ලර්

photo3

ඇඩොල්ෆ් හිට්ලර්ගේ නට්සි හමුදාව ප්‍රංශයේ පැරිස් නුවර සියතට ගැනීමෙන් පසු සිය ගෘහනිර්මාණ ශිල්පියා වූ ඇල්බට් ස්පියර් සමග එහි විසිතුරු නැරඹීමට ගිය හිට්ලර්ගේ මෙම ඓතිහාසික ඡායාරූපය 1940 ජුනි 23දා ගනු ලැබූවකි.

විනිට්සාවේ අවසන් යුදෙව්වා

photo4

altනට්සි සෙබළකුගේ ඡායාරූප ඇල්බමයක තිබි සොයාගත් මෙම ඡායාරූපය නම්කොට තිබුණේද ඉහත නමිනි. 1941 දී යුක්රේනයේ විනිට්සා නුවරදී ගත් මින් නිරූපණය වන්නේ එම ප්‍රදේශයේ සිටි අවසන් යුදෙව්වාය. ඒද ඔහුගේ මරණයට සුළු මොහොතකට පෙර ගනු ලැබූවකි. හිට්ලර්ගේ පාලන සමයේදී විනිට්සා නුවර සිටි විසිඅටදහසක් වූ සියලුම යුදෙව්වන් සමූල ඝාතනය කෙරුණු අතර මේ එලෙස ඝාතනයට ලක්වූ අවසන් යුදෙව්වාය.

චේ ගෙවාරාගේ සිරුර

photo5

සුප්‍රකට මාර්ක්ස්වාදී විප්ලවවාදියකු වන චේ ගෙවාරා අත්අඩංගුවට ගෙන ඔහු මරා දැමූ බොලිවියානු හමුදාව මෙලෙස ඔහුගේ සිරුර ඡායාරූපයට නැගුවේ මාක්ස්වාදී වීරයා මියගිය බව ඔහුගේ පාක්ෂිකයින්ට සැකයකින් තොරව තහවුරු කිරීමටයි. 1976 දී සිදුවූ චේ ගේ ඝාතනය ලතින් ඇමෙරිකාවේ මෙන්ම සමස්ත තුන්වන ලෝකයේම එකල පැවති විප්ලවීය සමාජවාදී ක්‍රියාවලියට මරු පහරක් වූ අතර මෙම ඡායාරූපයෙන් සිහිපත් කරන්නේ එයයි.

සඳ මත පළමු පා සටහන

photo6

1969 ජුලි 20 දා මිනිස් ඉතිහාසයේ අමරණීය වාර්තාවක් පිහිටුවමින් නීල් ආම්ස්ටේ‍රා්න්ග් සඳ මත පළමු වරට පා තැබූ මිනිසා බවට පත්වූ අතර එම පා සටහන මෙලෙස ඡායාරූපයට නැගුවේ බස් ඕල්ඩීර්න් විසිනි. මානව වංශකතාවේ එම අසිරිමත් සිදුවීමට සාක්ෂි දරමින් එම පියසටහන තවත් වසර මිලියන ගණනක් සඳ මත නොමැකී පවතිනු ඇත්තේ එහි පාරිසරික වෙනස්වීම් සිදු නොවන නිසාය 

තියානමෙන් චතුරස්‍රය

photo-last

1989 චීනයේ තියානමෙන් චතුරස්‍රයේදී සිදුවූ ශිෂ්‍ය කැරැල්ල නිරූපණය කරන ප්‍රකටම ඡායාරූපය ලෙස සැලකෙන මින් දිස් වන්නේ තමන් ඉදිරියට එන හමුදා රථපෙළ අවහිර කරමින් නොබියව ඒ ඉදිරියේ සිටගෙන සිටින යොවුන් ශිෂ්‍යයෙකි. තමන් ඉදිරියේ වන අනතුරින් දිවි ගලවා ගැනීමට මොහු සමත් වුවත් ඉන්පසුව හටගත් කැරැල්ල මර්දනයට චීන හමුදාව ගත් අනුකම්පා විරහිත උත්සහයේදී චතුරස්‍රය නිර්දෝෂිත්වයේ රුධිරයෙන් නැහැවී ගියේ මිනිස් ඉතිහාසයේ තවත් එක් ඛිෙදවාචකයක් සටහන් කරමිනි.

ගිජුලිහිණියා හා දරුවා

photo7

කෙවින් කාටර් විසින් දකුණු සුඩානයේදී ගනු ලැබූ මෙම ඡායාරූපය පසුව ඔහුට පුලිට්යර් සම්මානය පමණක් නොව මරණයද ගෙනඒමට සමත් වූවකි. කුසගින්නෙන් හාමත්ව සිටින දරුවෙකු ගොදුරු කර ගැනීමේ බලා‍පොරොත්තුවෙන් ඔහු අසල ලැග සිටින ගිජුලිහිණියකු නිරූපණය වන මෙම ඡායාරූපය කාටර්ගේ සිතේ කෙතරම් කැළඹීමක් ඇති කළාදයත් සම්මානය හිමි වීමෙන් පසු ඔහුව සිය දිවි නසා ගැනීමට පෙළඹවීමට තරම් ඒ ප්‍රබල විය. දරුවාගේ ජීවිතය ගලවා ගැනීමට තමන්ට හැකියාව තිබියදීත් එසේ නොකිරීම සම්බන්ධයෙන් කාටර් සිය ජීවිත කාලය පුරාවටම දැඩි සේ පසුතැවිලි වූ අතර ඔහුව සියදිවි නසා ගැනීමට පෙළඹවූයේද එම පසුතැවිල්ලෙන් හටගත් වේදනාවය.

ඔමාරා සැන්ෂෙස්

photo8

මෙක්සිකෝවේ නෙවාඩා ඩෙල් රුයිස් ගිනි කන්ද පුපුරා යාමත් සමග විනාශ වූ සිය නිවසේ සුන්බුන්වලට සිරවූ දහතුන් හැවිරිදි ඔමයිරා සැන්ෂෙස්ට දුෂ්කර වූ තෙදිනක කාලයක් සිය ගෙල දක්වා ජලය පිරුණු දියවළක ගත කිරීමට සිදුව තිබිණි. දැඩි වේදනාවක් විඳිමින් සිටි දැරිය ගලවා ගැනීමට සහන සේවකයින් දැරූ උත්සහය අසාර්ථක විය. ඇය මියයාමට පැය කිහිපයකට පෙර ෆ්‍රෑන්ක් ෆර්නියර් විසින් ගනු ලැබූ මෙම ඡායාරූපය ලොව පුරා සංවේදී සිත් ඇත්තවුන්ගේ නෙත් කවෛණි තෙත් කිරීමට හේතු විය.

2001 නිව්යෝක් ප්‍රහාරය

photo9

ඇමෙරිකානු ජාතික ඡායාරූප ශිල්පියකු වන රිචඩ් ඩෘ විසින් මෙම ඡායාරූපය ගනු ලැබුවේ 2001 සැප්තැම්බර් 11දා නිව්යෝක් ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය අතරතුරේදීයි. ගොඩනැගිල්ලට එල්ලවූ ප්‍රහාරයත් සමග ජීවිතාශාව පරයා නැගුණු බිය හමුවේ ගොඩනැගිල්‍ලේ ඉහළම මහලක සිට පිටතට පනින පුද්ගලයෙකු මින් නිරූපණය වේ.

(ප්‍රියන්ති රුද්‍රිගු)
උපුටා ගැනීම : ලක්බිම

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us