අසූචිවලිනුත් වැඩ ගන්නා Bill Gates

Published in අනං මනං
Saturday, 24 January 2015 16:06

මේ දවස් වල Bill Gates මහතා කානු වලට ඇහ ගහගෙනලු ඉන්නේ. මෙයාගේ නවතම උත්සාහය වැසිකිළි අපද්‍රව්‍ය බිමට සුදුසු ජලය බවට පත් කිරීමයි. Bill Gates මහතා පදනමෙන් දුප්පත් රටවල සෞඛ්‍යාරක්ෂාව වැඩි දියුණු කිරීමේ උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස මෙම යන්ත්‍රය නිපදවා තිබේ.

Bill Gates මහතා කියන විදිහට වැසිකිළි අපද්‍රව්‍ය නිසි ලෙස ඉවත නොදැමිමෙන් ජලය අපවිත්‍ර වීම නිසා වසරකට ළමුන් 700,000ක් පමණ මරණයට පත් වෙන වලු. දියුණු වන දුප්පත් රට වල මෙම ජල දූෂණය නැවැත්වීමට Bill Gates 2011 සිටම විවිධ උත්සාහයන් දරා ඇත.

දැනට මෙම “Janicki Omniprocessor” යන්ත්‍රය අප්‍රිකාවේ “Senegal” රටේ අත්හදා බලනවා. දැනට තියෙන වැසිකිළි අපද්‍රව්‍ය පිරියම් කිරීමේ කර්මාන්ත (sewage treatment plants) කරන්නේ වැසිකිලි අපද්‍රව්‍ය වේලලා කාන්තාර වල ගිහින් වළලන එක. ඒ සදහා විසල් වැනි ඉන්ධන පුළුස්සා තමයි ඒ කර්මාන්ත ක්‍රියාත්මක වෙන්නේ

නමුත් මෙම “Janicki Omniprocessor” යන්ත්‍රය වැසිකිළි අපද්‍රව්‍ය විදුලිය බවටත්, බිමට සුදුසු ජලය බවටත් සහ ඉතිරිය අළු ලෙසටත් පත් කරයි. “Janicki Omniprocessor” කියල නම් කරලා තියෙන්නේ Janicki Bioenergy සමාගමේ ප්‍රධානියා වන Peter Janicki මහතාට ගරු කිරීමක් වශයෙන්. මේ යන්ත්‍රය මුලින් ම වැසිකිළි අපද්‍රව්‍ය පුළුස්සා එයින් ලැබෙන හුමාලයෙන් යන්ත්‍රයේ විදුලිය නිපදවන එන්ජිම ක්‍රියාත්මක කරවන අතර අපද්‍රව්‍ය වලින් පිටවෙන ජලය පිරිසිදු කරද ලබා දේ.

මෙම යන්ත්‍රය පිළිබඳ ලෝකයා දකින ආකාරය දැන ගැනීමට Bill Gates මහතා කැමති බව ප්‍රකාශ කර ඇත.

 

 උපුටා ගැනීම: vfm

Last modified on Saturday, 24 January 2015 16:13

Gossip

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us