ස්ත්‍රී ලිංගය ඔරුවකට නැගූ ජපන් කලාකාරිනිය

Published in අනං මනං
Thursday, 25 December 2014 13:31

තම ස්ත්‍රී ලිංගය තේමා කොට ගෙන කලා නිර්මාණ කරන ජපන් කලාකාරියකට එරහිව අශික්ෂිත දේ කිරීම පදනම් කොට ගෙන චෝදනාවට ලක් කර තිබේ.

මෙගුමි ඉගරශී නම් වූ මෙම 42 හැවිරිදි ජපන් කාන්තාව චෝදනා ලබා ඇත්තේ තම ස්ත්‍රී ලිංගයේ අනුරුවක් ප්‍රදර්ශණය කිරීම සහ අන් අයටත් ත්‍රිමාණ පිටපත් සකසා ගත හැකි ලෙස තම ස්ත්‍රී ලිංගයේ ත්‍රිමාණ දත්ත බෙදා හැරීම සම්බන්ධයෙන් බවයි මාධ්‍ය වර්තාකරන්නේ.

පසුගිය ජූලි මාසයේ දී මුල් වරට අත් අඩංගුවට පත් ඉගරශී පසුව නිදහස් කරනු ලැබුවේ ජනතා බලපෑම සහ නීතිමය අභියාචනයක් සාර්ථක වීමෙන් වන අතර නැවතත් මෙම මස අත් අඩංගුවට ගත් ඇය තවමත් සිටින්නේ රැඳවුම් භාරයේය.

“ඉතා හුරු බුහුටි ලෙස සැරසිලි මගින් අලංකාර කර ඇති ලිංගේන්ද්‍ර වන මගේ නිර්මාණ සියල්ලේම අරමුණ හුදු හාස්‍ය රසයක් ලබාදීම. එහි කිසිම අසභ්‍ය බවක් නැහැ” යනුවෙන් ඇය අධිකරණය හමුවේ කියා සිටි බවයි පුවත්පත් වාර්තා කරන්නේ.

අසභ්‍ය දේ ;පිලිබඳ ජපාන නීතිය මගින් ලිංගේන්ද්‍ර ප්‍රතිනිර්මාණය කිරීම තහනම් කර තිබෙන අතර රුපවාහිනී මාධ්‍යයේ සහ චායාරූප වල බොඳවී ගිය අකාරයෙන් දර්ශනය කලයුතු බව දැක්වේ.

ඇය මෙම චෝදනාවට වැරදිකාරිය වූවානම් වසර දෙකක සිර දඬුවමක් හෝ ජපන් යෙන් මිලියන 2.5 ක ((£13,350) මුදලක් ගෙවන්නට සිදුවන බවයි පැවසෙන්නේ.

තම ලිංගේන්ද්‍රියේ සිලිකන් රබර් අච්චුවක් ආධාරයෙන් විවිධ නිර්මාණ කර තම අන්තර්ජාල පිටුවේ ප්‍රදර්ශනයකර ඇති ඉගරෂි ගේ බලාපොරොත්තු ව වන්නේ දැනට ජනප්‍රිය සංස්කෘතියේ අංගයක්ව පවතින පුරුෂ ලිංගය මෙන් ස්ත්‍රී ලිංගය ද ජනප්‍රිය කිරීම බවයි.

japan-sex-toy2

japan-sex-toy3

Gossip

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us