මොනර පිලක අරුමේ කෙස් කලඹක වරුනේ.... Featured

Published in අනං මනං
Tuesday, 22 December 2020 16:36

මොනර පිලක අරුමේ
කෙස් කලඹක වරුනේ
රුබර ලලනාවෝ
දිදුලන කෙස් මෑවූ....
සිසිලස සලසන
රුව ඔප් නංවන
රුබර ලදුනගෙ
වරලස ඔබ මෑවූ...

.රසවත් ගායනය ඉන්ද්‍රානි පෙරේරාගේය.. වෙළද දැන්විම බොහෝ කලකට ඉහතදී ගිය ලින්ක් කේෂාය.. එ යුගයේදී අපේ ගැහැණුන්ගේ කොන්ඩ දණින් පහළටය. සැම ගෙදරකම ලින්ක් කේෂා බෝතලය කණ්නාඩිය අසලය.. බෝතලය හිස් වන්නට පෙර කාසි එකතු කරගත යුතුය.. එ ලින්ක් කේෂා එකකටය ..පෙම්වතා ඉබින්නේම දිගුවන් කොන්ඩෙය.. එ කේෂා සුවඳටය. කෙල්ලන්ගේද එකම ෆැන්ටසි සිහිනය කොන්ඩය පොලව සිපගැන්මය ..පොලව සිපගන්න නැතත් ගැහැනුන්ට දණින් පහලට කොන්ඩයක් තිබීම එකල උජාරුකමකි..නැන්දම්මාට ආඩම්බරයකි..කොල්ලන් හරි බැලුවේය ද පස්සෙන් පහළට කොන්ඩ තියෙන නංගිලා දිහාය. එදා ලින්ක් කේෂා ගමේ ගොඩේ විතරක්‌ නෙවෙයි නගරයේද අළෙවි වුණේ උණු කැවුම් මෙනි.. එ එකල තරුණියන්ට තිබුණු දිගු කෙස් කලඹක සිහිනය නිසාය.. ලංකාවේ ලියවුණු බොහෝ ගීත වල කොහේ හෝ අස්සක තිබුණේද දිගු කොන්ඩයක් ගැනය.. එ තරමටම දිගු කොන්ඩ සමාජය මත්කරන් සිටියේය..


එදා අපි මත් වෙලා ඉඳපු දිගු කොන්ඩ අද කාටත් අරහංය.. දිගු කොන්ඩ නම් අද ගොඩේය.. පොෂ් වෙන්න නම් පලමු පියවර කොන්ඩය කණ ළඟට කෑපිමය.. මැතකදිනම් පොෂ් කමයි, පිනයි දෙකම එකට කර ගත හැක..එ රමණි ෆ්‍රනාන්ඩු ගෙ පිහිටෙන්ය.. එදා කොන්ඩය දණින් පහළට ගෙතු නංගිලා අද අදුරන්නට නම් ජාතික හැඳුනුම්පතේ පිහිට අවශ්‍යයය..කලින් දිග කොන්ඩෙට ආදරේ කරලා බැඳපු අයියලා අද නංගිලා අරන් සැලුන් ගානේය.. දිග කොන්ඩෙ දැන් අයියලාටද පට්ට ගොඩේය ..දැන් කේෂා කෑලේය.. කරළියට ඇවිත් ඇත්තේ සිලීකන් තේලය... දැන් කොන්ඩ දිලිසෙන්නේ අව්වට, අලුත දාපු තාර පාර වගේය.
.. එදා ලින්ක් කේෂා වෙළද දැන්විමට යොදා ගැනුණු ගීතය අද කාලේ වෙළද දැන්විමකට යොදා ගැනුණේ නම් එ නිශ්පාදනය එතැනින්ම හමාරය..
දැනටද ෂැම්පු වෙළද දැන්විම් වලට "දිගු කෙස් කලඹක" යන්න යේදීම අමු මෝඩ වැඩකි..


දැන් එහෙම සිහින පෙම්වතුන්ටද ,පෙම්වතියන්ටද,නැන්දම්මලාටද නැත.. දැන් කොන්ඩය දිගු වෙනවා කියන්නේ හිසරදයකී .. පොෂ් කමට කපපූ කොන්ඩය නැවත කොට කරන්න සල්ලි වියදම් විමකි.
එ නිසා දැන් දිගු කෙස් කලඹක් කියන නිශ්පාදන අරහංය.. මෙහි වරදකුත් නැත.. ලෝකය වෙනස් වෙන විට අපිද වෙනස් විමට අවශ්‍යය .. නැත්තම් උන් ලෝකේ වටේ යද්දි අපි තවම ගම වටේය.

(පංචාලි අබේසේකර)

https://www.youtube.com/watch?v=nCuKqKoykjg&pbjreload=101

Gossip

හැකි නම් අයවැය පරාජය කරන්න! ජනපතිගෙන් බැසිල් පිලට අභියෝගයක්

හැකි නම් අයවැය පරාජය කරන්න! ජනපතිගෙන් බැසිල් පිලට අභියෝගයක්

වහාම කැබිනට් මණ්ඩලය පත් නොකළහොත් අයවැය පරාජය විය හැකි බවට අනතුරු අඟවන්නට ගිය පොහොට්ටුවේ ප්‍රබලයින් ප...

මහින්ද එක්කත් බෑ..රනිල් එක්කම යන්න පොහොට්ටු ප්‍රබලයන් සැරසේ..   

මහින්ද එක්කත් බෑ..රනිල් එක්කම යන්න පොහොට්ටු ප්‍රබලයන් සැරසේ..  

මහින්ද සමග යළි නැගිටීම පසෙක තබා රනිල් වික්‍රමසිංහ හා එක්ව යන දේශපාලන ගමනක් වෙනුවන් රාජපක්ෂ පවුලේ දේශ...

එජාපය මහ මැතිවරණයට සූදානම් වෙයි. රවීට මහ ලේකම් තනතුර.

එජාපය මහ මැතිවරණයට සූදානම් වෙයි. රවීට මහ ලේකම් තනතුර.

එජාපය මහ ලේකම් තනතුරට හිටපු අමාත්‍ය රවී කරුණානායක පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. එමෙන්ම එජාපයේ...

පවර්, විපක්ෂයේ ඉල්ලීම් තඹේකට මායිම් කරලා නෑ ! මහ මැතිවරණ ඉල්ලන්න පිස්සු දැයි අහලා

පවර්, විපක්ෂයේ ඉල්ලීම් තඹේකට මායිම් කරලා නෑ ! මහ මැතිවරණ ඉල්ලන්න පිස්සු දැයි අහලා

වත්මන් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ජනමතයක් නොමැති බැවින් වහාම මහමැතිවරණයක් පැවැත්වීමට බලපෑම් කරන ලෙස වි...

අනං මනං

ආත්මය විකුණු ප්‍රේමය ...

ආත්මය විකුණු ප්‍රේමය ...

එදාත් හරි ලස්සනට ඉර පායපු දවසක්උඹ ඇවිත් මගේ ලෝකේ පාට කරා බලාපොරොත්තු හින පෙන්නුවාමාත් හරි අසාව...

Connet With Us