පාරමී ක්‍රීඩා බලධාරීන් ළග තියාගෙනම සත්‍ය පවසයි Featured

Published in Gossip
Saturday, 20 October 2018 14:40

තුන් වන යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී මීටර් 2000 බාධක දිවීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දුන් ධීවර පවුලක උපන් පාරමි වසන්ති මාරිස්ටෙලා අද (20 දා) උදෑසන දිවයිනට පැමිණියාය.

මෙවන් ඉතිහාස ගත පදක්කමක් දිනා ගත් මෙම ක්‍රීඩිකාව පිළිගැනීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ නොසිටීමද විශේෂිත වූ කරුණකි.

කෙසේ වෙතත් ඇය පිළිගැනීමට පැමිණි සෙසු ක්‍රීඩා බලධාරින් ලග තබාගෙනම ඇය මාධ්‍ය වෙත සත්‍ය හෙලි කළාය.

" මට ක්‍රීඩා කටයුතු කර ගෙන යන්න මාසිකව රුපියල් 75,000 ගාණෙ දෙනව කිව්වා ඒකත් මාසෙන් ඉවරයි.
ජනාධිපති තුමා දුන්න සල්ලිවල රුපියල් 10,000 ක පොලිය විතරයි ලැබන්නේ. කොළඹ පුහුණුවීම් කරන්න ආවාම ඒකත් ඉවරයි.

මගේ ක්‍රීඩා දිවිය වෙනුවෙන් අම්මා ඉඩම උකස් තියපු බව මං දැනගත්තෙත් පස්සේ. මගේ පෝෂණ ආහාර සදහා ලොකු මුදලක් වැය වුණා. කොහොම වුණත් මං මගේ දෙමාපියන්ගේ බලාපොරොත්තු ඉෂ්ඨ කළා. මේ ‍‍වෙද්දි මගේ නිවස අබලන් තත්වයේ තියෙන්නේ. පොඩි වැස්සට වුණත් තෙමෙනවා. මේ වෙලාවේ මට නිවසක අවශ්‍යතාව තියෙනවා. මගේ ක්‍රීඩා කටයුතු අධ්‍යාපන කටයුතු කරන්න මාසිකව මුදලක් හෝ කවුරුන් හෝ ලබා දෙනවා නම් මට මගේ ඉදිරි කටයුතු පහසුවෙන් කරගෙන යන්න පුළුවන් වේවි"

(NethSportsmen)

Leave a comment

ld add copy

ක්‍රීඩා

SL vs AUS 2nd Test: තරගයේ දෙවන දිනය අදයි

SL vs AUS 2nd Test: තරගයේ දෙවන දිනය අදයි

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද (07) ක්‍රියාත්මක...

Connet With Us