අගමැති විශ්වාසභංගය, ශ්‍රීලනීපභංගයක් බවට පෙරළේ..

Published in Gossip
Saturday, 03 March 2018 13:21

අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙන එනවා යැයි කියන විශ්වාසභංග යෝජනවක් ගැන ගැන කසු කුසුව නිසා. ශ්‍රීලනීපය යළි දේශපාලන වශයෙන් අනාත වෙමින් තිබෙන බව ශ්‍රීලනීප ආරංචි මාර්ග පෙන්වා දෙයි. ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේනට ස්ථිරසාර දේශපාලන ප්‍රතිපත්තියක් නොවීම හා තීන්දු ගැනීමේදී වැනෙන සුළු සහ නිරන්තරයෙන් තීන්දු වෙනස් කිරීම නිසා ශ්‍රීලනීපය මුහුණ පා සිටින දේශපාලන අර්බුධය මෙම විශ්වාස භංග යෝජනාව නිසා යළිත් උත්සන්න වී තිබේ.

මේ වන විට ආණ්ඩුවේ ඇමැතිකම් දරණ ශ්‍රීලනිපයේ සුසිල් ප්‍රේමජයන්ත, ජෝන් සෙනවිරත්න ටී.බී. ඒකනායක ඇතුළු ජේෂ්ටයන් තුන් හතර දෙනෙකු අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයට සහය දැක්විය යුතු මතයේ සිටියත් බහුතරයේ අදහස වී ඇත්තේ වත්මන් සම්මුතික ආණ්ඩුව එම කාලය අවසන් වන තෙක් පවත්වාගෙන යායුතු නමුත් අගමැතිවරයා වෙනස් කළ යුතු බවය.

එමෙන්ම දුමින්ද දිසානායක ඇතුලු කණ්ඩායම පෙන්වා දෙන්නේ අගමැතිවරයා වෙනස් කිරීම සිදු නොකළ යුතු බවය. එසේ කළ හොත් අර්බුද්ධයට මුහුණ දෙන්නේ එජාපය නොව රටම බව ඔවුන් පවසා ඇත. ඇතිවෙන දේශපාලන අර්බුධය හේතුවෙන් රට අරාජික වීම වැලැක්විය නොහැකි බවත් ජනවාරි අට වනදා ජනාධිපතිවරයා රටට දුන් පොරොන්දු ඉ‍ටු නොකර පැහැර හැරීම ගැන සමාජයෙන් එල්ලවන අපවාදයට ජනාධිපතිවරයාට තනිවම මුහුණ දීමට සිදු වනු ඇති බවත් ඔවුන් පෙන්වා දී තිබේ.

කෙසේ නමුත් ජනාධිපතිවරයා කිසිදු තීන්දුවකට එළඹ නැතත් ඔහු කිසිසේත්ම අගමැතිවරයා ඉවත් කිරීමේ කටයුත්තට සහය නොදක්වනු ඇති බවත් ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග පවසයි.

මේ අතර ඇතැම් නීති විශාරදයින් පෙන්වා දෙන්නේ අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ඒමට වත්මන් ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන නොමැති බවය. විශ්වාස භංගයක් ගෙන ආ හැක්කේ සමස්ථ ආණ්ඩුවට එරෙහිව බවත් ඒ අනුව අගමැතිවරයා වෙනස් කිරීම හැර වෙන විකල්පයක් නොමැති බවය.

විශ්වාසභංග යෝජනාව මහින්ද රාජපක්ෂ කණ්ඩායමෙන් මුලින්ම ඉදිරිපත් වූවත් කිසිසේත්ම එම කණ්ඩායම විශ්වාස භංගයක් ගෙන එන්නේ නැති බව මේ වන විට තහවුරු වී ඇත. ඔවුන් මේ වන විට සිදුකරමින් සිටින්නෙ එජාපය තුළින්ම ගෙන එන විශ්වාසභංගයකට සහය දක්වන බවත් ඊට අත්සන් එකතු කිරීම සිදුකරමින් තිබෙන බවත් මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම පමණකි. මේ හරහා ශ්‍රීලනීප මෛත්‍රී පාර්ශ්වයට පීඩනයක් එල්ල කිරීම සිදු කරමින් තිබේ.

කෙසේ නමුත් එජාපයේ ජේෂ්ට ඇමැතිවරයකු පවසන්නේ රංගේ බණ්ඩාර පැවසූ විශ්වාසභංගය ගැන ඔහු එසේ පැවසූවාද යන්න ගැනවත් දැන් ඔහුටවත් විස්වාසයක් නැති බවය. තනතුරක් නොලැබීමේ මානසික ආතතියෙන් පෙළෙන දේශපාලකයන්ට අනාගතයක් නැතිවීම පමණක් ඉදිරියේදී දකින්නට ලැබෙනු ඇති බව නම් ස්ථිර වශයෙන්ම සිදු විය හැකි බව දැනට විස්වාසය තැබිය හැකි බව ඔහු අවධාරණය කරයි.

Last modified on Saturday, 03 March 2018 13:29

Leave a comment

worky

worky1

ld add copy

Latest News

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us