ගුවන්විදුලිටයි රූපවාහිණීයටයි ,ඇඟිලි සලකුණු පොලීසියෙන් පල් පාට්

Published in Gossip
Thursday, 11 January 2018 11:33

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ හා ජාතික රූපවාහිණියේ සේවකයන් වෙනුවෙන් වසර 2ක් පුරා ධාවනයේ යෙදවූ ලංගම බස්රථය, පොලිස් ඇඟිලි සලකුණු අංශයේ පොලිස් පාට් නිසා නවතා ඇතැයි වාර්තා වේ.

වසර 2ක් ටොරින්ටන් හී ගුවන්විදුලි සංස්ථාව ඉදිරිපිටින් ආරම්භ වූ මෙම බස් රථය රූපවාහිණී කාර්යමණ්ඩලය සමඟ 4.30ට ගුවන්විදුලි සංස්ථාව ඉදිරිපිටින් අවිස්සාවේල්ල දක්වා ධාවනය වී තිබේ. ගුවන්විදුලි හා රූපවාහිණී කාර්ය මණ්ඩලය බස්රථයට නැගීමට පෙර ටොරින්ටන් හී පිහිටි පොලිස් ඇඟිලි සළකුණු අංශයේ සේවකයන් කඩා වැදිම දිගින් දිගටම සිදුවීමෙන් ගුවන්විදුලි/රූපවාහිණී කාර්ය මණ්ඩලයට ආසන අහිමිව හිටගෙන යාමට සිදුව ඇත. මේ බව පොලිස් ඇඟිලි සලකුණු අංශයේ නිලධාරීන්ට සහ අනෙක් පිරිසට දැන්වූවද ඒ ගැන නොතකා ඇඟිලි සලකුණු අංශයේ පිරිස පොලිස් බලතල ක්‍රියාත්මක කිරීමට ගොස් තිබේ.

අවසානයේ හෝමාගම ඩිපෝවට පෙත්සමක් භාර දිමෙන් මේවන විට බස් රථය නතර කර ඇත. හෝමාගම ඩිපෝවට මේ පිළිබඳව කථා කිරීමේදී පවසා ඇත්තේ පොලිස්සිය සමඟ හැප්පීමට බැරි නිසා තවදුරටත් ගුවන්විදුලිට සහ රූපවාහිණියට මෙම බස් රථය යෙදවිය නොහැකිබවයි. අපි සී අයි ඩී යනුවෙන් බස් රථයට කඩා වැදී අසුන් ගැනීම පිළිබඳව ගුවන්විදුලියේ සහ රූපවාහිණියේ කාර්යමණ්ඩලය තුළ ඇත්තේ බලවත් අප්‍රසාදයකි. ඔවුන්ට යෙදවූ බස් රථයේ කිසිදු අවසරයකින් තොරව බලහත් කාරයෙන් වාඩි වී අපි සී අයි ඩී යයි පැවසිම පොලිස් නිලධාරීන්ට සහ ඔවුන්ගේ රහස්‍ය භාවයට කෙතෙක් දුරට යුක්තියුක්තදැයි විමසීම වටී.

පොලිසීය ජනතා හිතවාදිව සිටිය යුතු මොහොතක වසර දෙකක් ධාවනය වු බසය අත්හිට වූයේ හෝමාගම ඩිපෝවට පෙත්සමක් ගොස් බාරදීමෙනි. අනතුරුව පවසා ඇත්තේ බස් රථය ධාවනය වුවහෝත හන්දියක් හන්දියක්ගානේ බස්රථයේ රියදුරු නොකළ වැරදිවලට පොලිස් රථවාහන ඒකකයෙන් නවත්වන බවයි.

හෝමාගම ඩිපෝවේ සාමාජික පිරිස පවසා ඇත්තේ නොකළ වැරදිවලට පොලීසිය දඩුවම් දෙන ඉතිහාසයක් ඇති නිසා තවදුරටත් ගුවන්විදුලි සංස්ථාව ඉදිරිපිට ප්‍රේමකීර්ති ද අල්විස් මාවතෙන් බස් රථය ආරම්භ කළ නොහැකි බවයි. “කුඩු පැකට් එකක්වත් ගෙනත්දාලා අපිව වැරදිකාරයෝ කළොත් මහත්තයෝ අපි අසරණයි නේ. නඩුයි බඩුයි උන්ගෙනේ” යයි ඩිපෝවේ සාමාජිකයන් මෙන්ම කොන්දොස්තර මහතා සහ රියදුරු මහතාද භීතියෙන් වෙලී ඇතැයි පැවසේ.

මහජන සුභ සිද්ධිය සඳහා ක්‍රියා කළ යුතු පොලිසිය පොලිස් පාට් දැමීම නිසා නතරවූ බස්රථය නැවත ලබා දෙන්නේ කවදාදැයි ඇසිය යුත්තේ කාගෙන්ද? මෙවන් නොහොඹිනා වැඩ පොලීසිය අත්හරින්නේ කවදාද?

Leave a comment

worky

worky1

ld add copy

Latest News

Connet With Us