මේ මල්ලි රනිල් එක්ක ඩීල්, ඒ මල්ලි මෛත්‍රී එක්ක ඩීල්. අපි සීන් එකෙන් එළියේ - විමල්

Published in Gossip
Tuesday, 26 July 2016 11:22

ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායමේ මහින්දවාදීන් පිරිසක් ජනාධිපතිවරයා හමුවීම "විමල්" පාර්ශවයේ දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇති බව වාර්තා වෙයි.

මෙලෙස විමල් කළබල වීමට හේතුව ලෙස වාර්තා වන්නේ එම මන්ත්‍රීවරුන් කණ්ඩායමේ පිරිසක් ජනාධිපතිවරයා හමුවීමෙන් පසුව පාද යාත්‍රාවේ සංවිධාන කටයුතු අර්බුදයට යැවීමේ සැලැස්මක් ඇති බව වාර්තා වීමෙන් අනතුරුවය.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මේ සම්බන්ධව විමල් වීරවංශ හිටපු ජනාධිපතිවරයා අමතා සිය බලවත් අප්‍රසාදය පළකර ඇත.

ඒ තමන් ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් මහත් වැඩ කොටසක් කළ නමුත් අද වන විට ඒ තුළ තමන් නොදැන තීන්දු තීරණ පවා ගනු ලබන බව පවසමින්ය. එහිදී හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තේ අපි බලය ගත්ත ගමන් විමල් අපේ පක්ෂයට එන්න කියාය.

මේ අයුරින් හිටපු ජනාධිපති පවා සිදුවන්නට යන දේ බරපතල ලෙස නොගැනීම හේතුවෙන් විමල් සිදුකළේ බෙංගමුවේ නාලක , ඉත්තාපානේ සද්ධාතිස්ස යන කහකඩ බලකාය කැඳවා මතුවී ඇති තත්ත්වය ගැන සාකච්ඡා කිරීමය. එහිදී එක මල්ලි කෙනෙක් යුඇන්පී සමඟ ඩීල් දාන විට අනිත් මල්ලී ශ්‍රීලනිපය සමඟ ඩීල් දානවා.. මෙහෙම ගියොත් අපි තමයි අමාරුවේ වැටෙන්නේ... විමල් මතුව ඇති තත්ත්වය පැහැදිළි කර ඇති අතර විදුර වික්‍රමනායක, වාසුදේව නානායක්කාර, පවිත්‍රා වන්නිආරච් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් නම් කර ඉදිරියේ ඔවුන්ගේ දේශපාලනය ගැන විශ්වාසයක් නොමැති බවද විමල් පවසා ඇත.

පැවදි හඬ සංවිධානය ලෙස හදිසියේම මාධ්‍ය හමුවක් කැඳවන්නට කටයුතු කර තිබුණේද එම සාකච්ඡාවේදී ගත් තීරණයකට අනුව වන අතර එහිදී විමල්ගේ දේශපාලන අපේක්ෂාව වෙනුවෙන් වන පණිවිඩය ජනතාව වෙත පවසන වගකීම බෙංගමුවේ නාලක භාරගෙන තිබුණි. මුරුත්තෙට්ටුවේ ආනන්ද එම හමුවට සහභාගී වී ඇත්තේ විමල් පාර්ශවයේ අවශ්‍යතාව ගැන කිසිවක් නොදැනය. අප වෙත වාර්තා වන අන්දමට නම් සිදුව ඇත්තේ විමල් පාර්ශවයේ බෙංගමුවේ- ඉත්තෑකන්ද එක්වී පැවදි හඬට එරෙහිව ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් ඒ වෙනුවෙන් මාධ්‍ය හමුවක් පැවැත්විය යුතු බව පවසා මාධ්‍ය හමුවට කැඳවා ගෙන ඇති බවය.

Leave a comment

worky

worky1

ld add copy

Latest News

Connet With Us