මෛත්‍රීගේ දින දහදාහේ සැණකෙළිය, ආඬි හත් දෙනාගේ කැඳ හැළිය වගේලු !

Published in Gossip
Thursday, 21 July 2016 11:47

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන දිවියට දින 10,000 ක් පිරීම නිමිත්තෙන් එළඹෙන 26 වන දින සිට පැවැත්වීමට නියමිත උත්සව මාලාව සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ නිළධාරීන් පඹ ගාලක පැටැලි සිටින බව වාර්තාවේ.

විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ දේශපාලන ප්‍රතිරූපය ඉහළ නංවා ගැනීම අරමුණු කොටගෙන මෙම දින දහ දාහේ උත්සවය සුදානම් කිරීම සිදුව තිබේ. මෙය ඉදිරි ජනාධිපතිවරණය හෝ මහමැතිවරණයේ අගමැති අපෙක්ෂකයා ලෙස ඉදිරිපත් වීමේ අපෙක්ෂාව අනුව සිදුවන බවත් දැන ගැනීමට ඇත. ඒ කෙසේ නමුත් මේ වෙනුවෙන් දැවැන්ත මාධ්‍ය ප්‍රචාරක කටයුත්තක් සිදු කිරීමට බලාපොරොත්තුවෙන් සිටියද ජනාධිපති මාධ්‍ය අංශයේ ඇති දුර්වල තාවය මත මේ වන විට එම සියලු කටයුතු අවුල් ජාලාවක් වී ඇත. මේ සම්බන්ධයෙන් වගකිමක් උසුලන නිශ්චිත නිලධාරියකු නැති අතර එම අංශයෙ ප්‍රධානින් කිසිවකුත් සිදුවන්නේ කුමක්ද සිදු කළ යුත්තේ කුමක්ද යන්න ගැන එකි නෙකාගෙන් විමසමින් කාලය ගත කරන බවත් දැන ගැනිමට ඇත. එහෙත් කිසිවකුත් කිසිවක් හරි හැටි නොදන්නා කම නිසා ලබන 26 වෙනිදාට මොනවයින් මොනවා වේවිදැයි කියන්නට නොහැකිය, පළමු පදවිප්‍රප්ති උළෙලෙදි සිදුවූ අලකලංචිය මෙවරත් සිදු නොවෙවා කියා අප ප්‍රාර්ථනා කරමු.

මේ අතර මෙම උත්සවය වෙනුවෙන් මාධ්‍ය ප්‍රචාරක කටයුතු සිදු කිරීම, ප්‍රථමයෙන් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට බාර දී තිබු අතර ඒ වෙනුවෙන් පොළොන්නරුවට මාධ්‍යවේදින් කැඳවාගෙන ගොස් ජනාධිපතිවරයාගේ අතීත හිත මිතුරන් ඥාතීන් හා දේශපාලන සගයන් මුණ ගස්සවා සියලු මාධ්‍ය ඔස්සෙ විවිධ වැඩසටහන් රාශියක් සිදු කිරීමටද සැලසුම් කර තිබිණි. එහෙත් හදිස්සියේම ජනධිපති කාර්යාලයේ ඉහළ නිළධාරියකු ඒ අවලංගු කර ඔහු දන්නා කියන මාධ්‍යවේදින් කිහිප දෙනෙකු පමණක් පොලොන්නරුවේ චාරිකාවක ගෙන ගොස් තිබේ. එහෙත් අප කළ සොයා බැලීමේදී ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතන රැසකට මේ අවස්ථාව ලබා දී නැත.එමෙන්ම මේ සම්බන්ධයෙන් අප කළ සොයා බැලීමකදි මේ සිදුවීම මෙසේ වීම ගැන ජනාධිපති කාර්යාලයේ සෙසු ප්‍රධානින්ද දැනුවත් නැත.

එමෙන්ම මේ වන තුරුත් ජනාධිපති මාධ්‍ය අංශයට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මේ දින දහදාහේ දේශපාල දිවිය තුල ඔහු කළ කී දේ ගැන තොරතුරු ‍රැස් කර ගැනීමට ද අසමත්ව සිටින බවත් වාර්තාවේ. සිරස අධිපති කිලී මහරාජාගේ ගෝල බාලයන්ගේ හා ඔහු විසින් නටවන රූකඩ නිළධාරීන්ගෙන් සමන්විත ජනාධිපති මාධ්‍ය අංශය හා එහි උපදේශකයෛන් පසු ගිය කාලය මුලුල්ලේ සිදු කළේ එළඹෙන 26 වන දින සිට ආපස්සට දින දහ දාහක් වන තුරු දින ගනන් හැදිම බවද හෙළිවේ. ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා නිශ්චිතවම දේශපාලනයට පිවිස දිනය සොයා ගැනිමට ඔවුන් සමත් වීම ඔවුන් මෑත කාලයේදී ලබා ගත් එකම ජයග්‍රහණයය. එමෙන්ම මෙලෙස දින අනුව සැමරුමක් සිදු කරන ලෝකයේ පළමු රාජ්‍ය නායකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ලෝක ඉතිහාසයට එක්වන බවද මෙම මාධය අංශ ප්‍රධානින් ආඩම්බරයෙන් කතා කරන බවද පැවසේ. ඔවුන්ට අනුව මේ මෙරට ජනතාවගේ ජයග්‍රහණයකි.

 

Last modified on Thursday, 21 July 2016 11:52

Leave a comment

worky

worky1

ld add copy

Latest News

යාපනය සංවර්ධනය කරන්න රු. මි. 322ක්!

යාපනය සංවර්ධනය කරන්න රු. මි. 322ක්!

යාපනය දිස්ත්‍රික්කයේ සංවර්ධන සඳහා රජය විසින් රුපියල් මිලියන 322ක මුදලක් වෙන්කර ඇති බව වැඩබලන දිස්ත්‍...

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us