ජාතික සංවිධායක වෙන්න දැන්මම කචල්

Published in Gossip
Tuesday, 23 February 2016 07:44

පොදු විපක්ෂය කියලා ආතක් පාතක් නැතිව නන්නත්තාරවෙලා ඉන්න දේශපාලන අනාථයෝ පිරිස අටවාගන්න  යන අලුත් පක්ෂයේ තනතුරු බෙදාගන්න බැරිව දැනටම කචල් කියලා වටින් ගොඩින් ආරංචි මාර්ග ලාබෙනවා. මේ කචල් වලට ප්‍ර‍ධාන හේතුව වෙලා තියෙන්නේ අලුත් පක්ෂයේ ජාතික සංවිධායක තනතුරට නන්නත්තාර වෙලා ඉන්න රජ පවුලේ කෙනෙක් සහ දකුණේ කොට දේශපාලඥයෙක් බරපතලව රණ්ඩු පටන් අරගෙනලු.

දකුණේ ඉඳගෙන ජාතික සංවිධායකකමට ඉව අල්ලන දේශපාලඥයා කියනවලු පක්ෂේ පරාද වෙන්න ප්‍ර‍ධාන හේතුවක් වුන හිටපු රාජකීය පවුලේ සාමාජිකයාට මේ තනතුර දෙනවනම් තමන් පක්ෂේ පළාතේවත් ඉන්නේ නෑ කියලා. කොහොමවුනත් මේ කතාව අනුමත කරලා ඒ මතයේම ඉන්න පිරිසක් අනාථ කණ්ඩායම ඇතුලේ හැදිලා ඉවරයිලු.

ඒ වගේම හිටපු රාජකීය පවුලේ සාමාජිකයාට තනතුර දෙන්න ඕන කියලා හොරොන් හොරෙන් වැඩ කරන පිරිසකුත් කණ්ඩායම ඇතුලේ හැදිලා ඉවරයි. ඒක නිසාම අලුත් පක්ෂය අටවගන්න වැඩේ දැන් ජල්බරියක් වේගෙන එන පාටක් තමයි තියෙන්නේ. කොහොම වුනත් ඒ හැමදේම අස්සේ පක්ෂේ කඩලා දානවා කියලා නිදහස් පක්ෂෙන් මහින්ද රාජපක්ෂ මහත්මයාට චෝදනා එල්ල කරන නිසා එතුමත් දැන් වැඩේට දරුණු විදිහට පස්ස ගහන්න පටන් අර‍ගෙන.

ඒක නිසා දැන් අනාථ පිලේ අලුත් පක්ෂේ වැඩේ අවුල් ජාලාවක් වෙලා, කචල් ගොඩක්වෙලා අන්තිමට ඇරඹුමම කඳුලක් වෙලා කියලා තමයි ආරංචි

Leave a comment

ld add copy

Latest News

පොලිස් නිලධාරීන් 4,308 ක් සේවයෙන් ඉවතට

පොලිස් නිලධාරීන් 4,308 ක් සේවයෙන් ඉවතට

2020 වසරේ සිට මෙම වසරේ ජූනි 24 දක්වා වූ වසර 7කට ආසන්න කාලසීමාව තුළ විවිධ හේතූන් මත පොලිස් නිලධාරීන්...

Connet With Us