මොකද මම දන්න කිහිප දෙනෙක් විවිධ හේතු නිසා පළමු දරුවා පිළිබඳ අවධානය හුඟක් කල්පහු කළා , සමහරුන්ට ඕන උනේ ලොකු ගෙයක් සම්පුර්ණයෙන් හදාගෙන පළමු දරුවා බිහි කරන්න , සමහරුන්ට උපාධිය අවසන් කරගෙන ඒ ගැන හිතන්න උනා , ඒ අතරේ සමහරු marriage life එක enjoy කරන්න ඕන කියමින් මේ පළමු දරු උපත ප්‍රමාද කළා .
අද වන විට මේ අය ජීවිතේ අතිශ්‍යය සංවේදී දුකක් විඳිමින් ජීවත් වෙනවා , හේතුව සමහරුන්ට දරුවෙක් පිළිසිඳ ගන්නේ නැහැ ,ගත්තත් මාස කිහිපයකින් ඉබේම ගබ්සාවෙලා නැතිවෙලා යනවා, ඉතින් ලෝකේ පුරාම තියෙන දේවාල , කොවිල් වල නවතිනවා , කිහිප දෙනෙක් විතරයි නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙලා ඉන්නෙත් ,
සමහරුන්ට විවිධ ගැටළු සහිත දරුවන් ඉන්නව , ඉතින් ඔවුන් තමන්ගේ මුළු ජීවිත කාළයම ඒ ගැන තැවිතැවී ඉන්නවා , සමහරුන්ගේ දරුවට මාස දෙකයි තාත්තට වයස අවුරුදු හතලිස් හතයි , ටිකක් හිතන්න මේ දරුව පාසල් යන කාලෙට ටිකක් උස් මහත් වෙන කාලෙට තාත්තගේ ආදරය රැකවරණය ඕනම කරන කාළෙට ඒ තාත්තට ඒ රැකවරණය දෙන්නට තරම් ශරීර ශක්තියක් හැකියාවක් තියේද කියල මට නම් සැකයි , ඉතින් අපි දැන ගන්නම ඕන දෙයක් තම පළමු දරුවා බිහි කරන්නට ඕන වයස , විශේෂයෙන්ම මවගේ වයස
ජීව විද්‍යාත්මකව ගත්තම කාන්තාවක තම වයස අවුරුදු 13-15 වගේ සීමාවකදි ලිංගික වශයෙන් පරිනත වීම සිදු වෙවා , ඒ කියන්නේ දැන් ඇයට පුළුවන් පැටියෙක් හදන්න අවශ්‍ය සෛල දෙකෙන් (ශුකාණු Sperm සහ Ovum ඩිම්බ) එකක් ප්‍රධානය කරන්න , තව විදියකින් කිව්වොත් දැන් මේ දැරිවියගේ ගර්භාෂය තුලට ශුක්‍රාණු ගියොත් ඇයට මවක් වීමේ හැකියාව තියෙනවා . හැබැයි තවම ඇය සමස්ථ වශයෙන් කායිකව , මානසිකව , සමාජයීයව දරුවෙක් ලබන්නට තරම් පරිණත වෙලා නැහැ
ඉතින් මේ වයසේ දරුවෙක්ට දරුවෙක් ලැබීම යම් අනතුරක් සහිත සිදුවීමක් , මේ සියළු තත්තව වලින් යම් පරිනත බවක් ලබන්නට අඩුම තරමේ අවුරුදු 18ක් වත් වෙනකම් ඉන්න වෙනවා . ඒ නිසා තමයි අපේ රටේ අවුරුදු 18ට අඩු කාන්තාවකට විවාහ වීමට අවසර නැත්තෙ. නමුත් වෙනත් සාධක මඟ හැරියොත් , වයස 20තමයි හොඳම කියලත් කියන්න පුළුවන් , එත් ප්‍රායෝගිකව මෙය , මෙම සීමාවෙන් ටිකක් ඈතට යනවා
විශේෂයෙන්ම කියන්නට ඕන දේ දරුවෙක් ලබන්නට හොඳ කායික , මානසික සහ සමාජයී පිරිපුන් බවක් අවශ්‍යමයි , ආර්ථිකයත් වැදගත් , ඒත් පළමු අවස්ථා තුන් ඉන් ප්‍රමුඛත්වයක් ගන්නවා , සෞඛ්‍යානුකූලව .ඒ මෙහෙමයි මුලින්ම දරුවෙක් රඳවා ගැනීම පෝෂණය සහ ආරක්ෂාව සඳහා ප්‍රමාණවත් නිරෝගී සෞඛ්‍ය තත්ත්වයක් මවට ඕනෑ.
එසේ නොවීමත් අනාගත දරුවාට කරන්නේ අසාධාරණයක්. අනෙක මේ “අළුත් මවට“ , සමාජයේ පිළිගැනීමක් ,වගේම සමාජය පිළිබඳ , සමාජයීය සිදුවීම් , පවුල තුල රැඳිය යුතු ආකාරය , අඹු-සැමි සම්බන්ධය පවත්වාගැනීම වගේ සමාජයීය දැනුමක් පිළිගැනීමක් අත්‍යවශ්‍යයි. හිතන්න වයස අවුරුදු 14ක විතර කෙල්ලෙක් අම්ම කෙනෙක් වෙලා පොඩි පැටියෙක්ව වඩා ගෙන ඉන්නව දැක්කොත් ඔබට මොකද හිතෙන්නේ. අපිට මේ වගේ දසුන් හුරුයි , සමහර පැටික්කියන් තමන්ගේ දරුව හරහට වඩා ගන්නවත් බැහැ , උස නැහැ , පැටියව හුරතල් කරන්නවත් තේරෙන්නේ නැති තරම්.
ඇත්තටම දරුවෙක් බිහි කරන්න හොඳම වයස මොකක්ද කියල ඇහැවුවොත් , මේන්න මේක තමයි වයස කියල හරි අගයක් කියන්න අමාරුයි , ඒකට හේතුව මේ ගැටළුව මුළු ලොවේම තියෙන ප්‍රශ්නයක්. ඉතින් පාරිසරික තත්ත්ව , විවිධ සමාජ සහ සංස්කෘතීමය සිරිත් විරිත්, සමාජයීය සහ ආර්ථික වශයෙන් යම් ස්ථාවරත්වයක් ලබන්නට ගත වන කාළය වගේ සාධක නිසා වෙනස්වන සුළුයි . නමුත් පොදුවේ ගත්තම ඒවගේම අර මුලික සාධක සියල්ලේ පරිනතියත් සැලකූවම කානතාවකගේ වයස අවරුදු 20-26 අතරේ පළමු දරු පිළිසිඳ ගැනීම වඩාත් සුදුසුයි කියන මතය තමයි වඩාත් ප්‍රචලිත සහ විද්‍යාත්මක පිළිගැනීම .
ඒ කියන්නේ මේ වයස් සීමාව ඇතුලෙදි දරුවෙක් බිහි කරන එක වඩාත් ආරක්ෂාකාරීය කියන එක පමණයි. ඒවගේම දරු පිළිසිඳි ගැනීමක් සඳහා සුදුසුම ශාරීරක පරිසරයත් මේ කාළ සීමාව තුලමයි තියෙන්නේ. බිය වීමට වශය නෑ. මෙයින් අදහස් වෙන්නෙ නෑ නේ 27න් පස්සේ බඳින්න එපා දරුවන් බිහි කරන්න එපා කියල. ඔබේ වයස මින් එහා නම් විවාහ වුනාට දරුවන් බිහිකරාට ප්‍රශ්නයක් නැහැ. ඒත් ප්‍රමාද වෙන්න ප්‍රමාද වෙන්න දරුවෙක් පිළිසිඳි ගැනීමේ හැකියාව අඩු වෙන බව මතක තබාගන්න.
කාන්තාවකගේ උපතේ ඉඳළම තියෙන විශේෂිත පටක වර්ගයකින් තමයි මේ ඩිම්බ සෛල නිපදවෙන්නේ. ඉතින් පරණ වෙන්න පරණ වෙන්න මේ විශේෂිත පටකයේ ක්‍රියාකාරීත්වය අඩුවෙනවා. ඒ වගේම එම සෛල වල විවිධ විකෘතිතා ඇති වෙන්න පුළුවන් (අපේ පරිසරයේ ඒ වගේ විකෘතිතා ඇති කරන්න පුළුවන් සාධක බොහෝමයි)
එහෙම වුනොත් පැටියෙක් නතා ගන්නට ඕන ප්‍රධාන සෛලයක් වන ඩිම්බ සෛල නිපදවීම අඩුවෙන්න හරි නිපදවෙන ඩිම්බ සෛල වල හැකියාව අඩුවෙන්න හරි එහෙම නැත්නම් ජාන විකෘති වගේ තත්ත්ව සහිත ඩිම්බ සෛලයක් නිපදවෙන්නත් පුළුවන්. එහෙම වුනොත් සුන්දර නිරෝගී දරුවෙක් ගැන ඔබේ සිහිනය කදුළු මුසු සිහිනයක් වන්නටත් පුළුවන්.
2009 දි C.D.C.(Center for disease control and Prevention) ආයතනය නිකුත් කළ පර්යේෂණ වාර්තාවේ හැටියට එක් දහස් නමසිය හැත්ත ගනන් වලදි වයස 21දි පළමු වරට මව්පදවිය ලැබීමේ ඉහළ තත්ත්වයක් තිබුණත් 2006 විතර වෙත්දි අපි මුලින් කී හේතු නිසාවෙන් එය අවුරුදු 26 පමණ දක්වා ඉහළ ගොස් ඇති බව හඳුනාගෙන තියෙනවා .
හැබැයි පර්යේෂණය සිදුවෙන්නේ එංගලන්තයේ . කෙසේවෙතත් එම තත්ත්වය අපේ රටෙත් දැන් ටිකෙන් ටික දකින්නට පුළුවන්.
අද එහි ප්‍රධානතම හේතු සාධකය වෙන්නේ ආර්ථිකය සහ සමාජ තත්ත්වය වගේ කරුණු , නමුත් මේ පිළිබඳ පර්යේෂණ කරන ඔහියෝ විශ්ව විද්‍යාලයේ රෝන් ජීක්ල් කියන වෛද්‍ය විශේෂඥයාවරයාගේ(Ron Jaekle, MD, a professor of clinical obstetrics and gynecology at the University of Cincinnati College of Medicine, in Ohio.) අදහසට අනුව කාන්තාවකට තම පළමු දරු පිළිසිඳ ගැනීම සඳහා හොඳම කාළය අවුරුදු 25-30 අතරෙදියි.
ඊට ප්‍රමාදවීම මගින් විකෘතිතා (ඩවුන්ස් සහලක්ෂණය වැනි Downs sysndrom ) ඇති වීමේ අවදානම් වැඩි වන බවය ඔහු ප්‍රකාශ කරන්නේ , නියමිත වයස් සීමාවේදි දරු පිළිසිඳ ගැනීමක් වුනත් මෙවැනි අසාමාන්‍ය තත්ත්ව ඇති වන්නට පුළුවන්. වියපත්ව පිළිසිඳ ගැනීමක් සිදුවීමේදි වන්නේ එම අනතුර ඇති වීමේ අවස්ථාව වැඩි විමක් .
මේ මොන මොන කතා කිව්වත් වයස අවුරුදු 35ට වඩා වියපත්ව දරුවෙක් පිළිසිඳි ගැනීම මවට මෙන්ම දරුවාටත් යම් තරමක ගැටළුකාරීබවයි වෛද්‍ය මතය. මොකද මේ වන විට මවත් විවිධ රෝග , උදාහරණයක් විදියට දියවැඩියාව , අධිරුධිර පීඩනය වැනි රෝගත් ගර්භාෂය ආශ්‍රිත Endometriosis වැනි රෝග තත්ත්ව වලටත් ලක් වෙලාවෙන්න පුළුවන් . ඒ වගේම එම ගර්භනීත්වය ස්වභාවිකවම නැතිවීයාමට ඇති අවස්ථාවත් ඉහළයි. ඒ නිසා කියන්නටම ඕන දෙයක් තියෙනවා. ඒ තමයි මෙම සීමාවෙදි දරු පිළිසිඳ ගැනීමක් සිදු වුවහොත් නිසි වෛද්‍ය උපදෙස් මුල සිටම අනුගමනය කළ යුතු බව , වයස හතලිස් ගණන් වුනොත් මේ අනතුර තවත් ඉහළ යන්නට ඉඩ තියෙනවා .
මේ වන විටත් ඔබේ වයස තිස් ගනණක් නම් , ඔබ විවාහක නම් , අනේ තවත් ප්‍රමාද කරන්න එපා , ඔබේ පවුලේ වෛද්‍යවරයාගෙන් ඔබේ සෞඛ්‍යය තත්ත්වය ගැනත් විමසලා , ප්‍රමාද කරන්නේ නැතිව දරු පැටියෙක් හදා ගන්න උත්සාහ ගන්න , ඒවගේම පිළිසිඳි ගැනීමක් වුනොත් වෙන අයට වඩා පරිස්සම් වෙන්න , ඒ ගැන ඔබේ වෛද්‍යවරයාගෙන්ම උපදෙස් තොරතුරු ලබා ගන්න.
මේ ලිපියේ හුඟක් තැන් වල ඔබ කියල ආමන්ත්‍රණය කළේ විවාහක කාන්තා සාමාජිකාවන්ට. මේ කරුණු පිරිමි පාර්ශවයටත් අදාළයි. මොකද වයසට යනකම්ම ඔබේ ශ්‍රක්‍රාණු නිපදවුනත් (කාන්තාවන්ට එම ඩිම්බ නිපදවෙන්නේ අවුරුදු 46-48 විතර වෙනකම් විතරයි) වයසට ගිය ශුක්‍රාණු වල පිහිනීමේ හැකියාව අඩුවන බව සොයාගෙන තියෙනවා. ඔබ දන්නවද ඔයාගේ ශුක්‍රාණු ලොකු තරඟයක් දීල , ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ඇතුලේ දුර ගමනක් පීනලා ගිහින් තමයි ඩිම්බ සෛලයත් එක්ක එකතු වෙලා තමයි පැටියෙක් හදන්න පටන් ගන්නේ. ඉතින් පීනන්න බැරි උනොත් ? එයා එනකම් බලා ඉදල දවස් දෙකකට විතර පස්සේ මැරිල යන්න තමයි අර ඩිම්බ සෛලයට වෙන්නේ. ප්‍රතිපලේ දරුවෙක් ලැබීමේ අවස්ථාව තවත් දුරස් වෙන එකයි.