ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

Published in Gossip
Friday, 18 July 2025 17:30

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් මිලියන 226 ක්, අමෙරිකානු ඩොලර් 60,000ක්, ඔස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂයක් සහ රන් භාණ්ඩ යනාදිය වංචා කර සාපරාධි සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා එල්ල වන තිළිණි ප්‍රියමාලි නමැත්තියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනය කටයුතු වේගවත් කර ඇති බව දැන ගැනීමට ඇත.

මේ වෙනුවෙන් ඇය තිකෝ සමූහ ව්‍යාපාරය නමින් ව්‍යාජ ආයතනයක් පවත්වා ගෙන ගොස් තිබෙන අතර, එම ආයතනය මඟින් සිදු කළ ගනුදෙනු සහ මෙම ආයතනයට සම්බන්ධව සිටි පුද්ගලයන්ට අදාලව තවත් මුල්‍ය අපරාධ ගැන තොරතුරු ගණනාවක් හෙළිදරව් වීම මත මෙම පියවර ගෙන තිබේ.

ඇය විසින් මෙරට නිරූපිකාවන් යොදා ගනිමින් ප්‍රසිද්ධ පුද්ගලයන් ලිංගිකමය කටයුතු සඳහා පොලඹවා , ඒ හැසිරීම් රූගත කර, පසුව බ්ලැක්මේල් කර මුදල් කොල්ල කෑම් සිදු කළ බවට ද චෝදනා එල්ල වී ඇත.

ඩුබායි හී සිටින සුරංගිව ගෙන්වීමේ සූදානමක් ?

මේ වන විට මෙරට හැර දා ඩුබායි රාජ්‍යයට ගොස් සිටින තිළිණි ප්‍රියමාලිගේ මාධ්‍ය ප්‍රකාශකවරිය ලෙස ද පෙනී සිටි මෙම ජාවාරමේ අනෙක් හවුල්කාරියක් ද වන සුරංගි කොඩිතුවක්කු නැමැති හිටපු රූපවාහිනී නිවේදිකාව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සාක්ෂි රැසක් ලබා දී තිබිණි. ඒ අනුව ඇය විසින් මේ සියළු ගනුදෙනු වල වගකීම තිළිණි ප්‍රියමාලි මත පටවා තිබිණි.

නමුත් සුරංගි නැමැත්තිය ලබා දුන් ඇතැම් සාක්ෂි වල පරස්පරතාවයන් සහ ව්‍යාජ කරුණු නිසා එම තොරතුරු සැක සහිත වී ඇත. මේ හේතුව මත මැයව තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා කැඳවීමට පොලීසිය තීරණය කර ඇති බවත් දැන ගැනීමට තිබේ.

එසේම මෙරට දේපළ වෙළදාම් ආයතනයක් වන හෝම්ලෑන්ඩ්ස් ආයතනයේ මැදපෙරදිග සාමාන්‍යාධිකාරීවරිය ලෙස පෙනී සිටිමින් තවත් සැක සහිත ගනුදෙනු රැසක් මෙම සුරංගි නැමැත්තිය සිදු කර ඇති බවට ද චෝදනා එල්ල වී ඇතැයි පැවැසේ.

මේ අතර හෝම්ලෑන්ඩ්ස් ආයතනයට ද කළු සල්ලි සුදු කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන ඉන්දීය නිළි ජැකලින් ෆර්ඩිනැන්ඩස් සමඟ ව්‍යාපාර කටයුතු කිරීම ගැනත්, ඔවුන් විසින් කොළඹ තුංමුල්ලේ ඉදිකරනවාය කියන දැවැන්ත මහල් නිවාස යෝජනා ක්‍රමය, රට රවටන තවත් මහා පරිමාණ ව්‍යාජ ව්‍යාපෘතියක් බවටත් චෝදනා එල්ල වී තිබේ.

Last modified on Friday, 18 July 2025 17:33

Leave a comment

ld add copy

Connet With Us