මේ අනුව වසර ගණනාවක් එම පක්ෂයේ ලේකම් ධුරය දරමින් සිය වගකීම් නිසි ලෙස ඉටු කරලීමත්, එමෙන්ම වසර ගණනාවක් කැපවීම් කරමින් බලාපොරොත්තු වූ බලය ලබා ගැනීම වර්තමානයේ සිදුවී ඇති නිසාත් ඔහු මෙම තීරණය ගැනීමට සූදානම් වන බව එම දේශපාලන ආරංචි මාර්ග පවසයි.
කෙසේ වෙතත් මේ වනවිට බහුතර දෙනා පාර්ලිමේන්තු නියෝජනය කිරීම හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ආරක්ෂා කර ගනිමින් පක්ෂය ඉදිරියට ගෙන යාමට ටිල්වින් සිල්වා මහතාගේ සහාය අවැසි බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් බහුතරයකගේ මතය වී ඇතැයි ද වාර්තා වේ.
දේශය පුවත් පත් වාර්තාව කෙසේ වුවද ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා ලේකම් ධුරයෙන් ඉවත් කර බිමල් රත්නායකට එම ධුරය ලබා දීම හෝ ජවිපෙ පක්ෂ නායකත්වය බිමල් රත්නායක පත් කිරීමට හෝ එම පක්ෂයේ අභ්‍යන්තර දේශපාලන මණ්ඩලයක් විසින් තීරණයක් ගනු ඇති බවට මීට මාස ගනනාවකට පෙරද දේශපාලන තොරතුරු මාර්ග විසින් හෙළිදරව් කර තිබිණි. මේ තත්වයට හේතු වී ඇත්තේ අභ්‍යන්තර දේශපාලන බල අරගලයක් සමතය පත් කරගැනීම වෙනුවෙන් බවටද තොරතුරු ප්‍රචාරය වී තිබිණි.