ශ්‍රීලනිපයේ අලුත් සන්ධානයේ නායකත්වය චන්ද්‍රිකාට Featured

Published in Gossip
Friday, 26 January 2024 20:05

 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික කරගත් අලුත් සන්ධානයක් ගොඩනැගීමේ කටයුතු වලට මේවන විට කඩිනමින් සිදු වෙමින් පවතින අතර ඊට අදාලව පක්ෂ සහ දේශපාලනඥයින් සමඟ සාකච්ඡා රැසක් සිදු කෙරිණි.

 

එම නව සන්ධානයේ නායකත්වය හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායකට ලබා දීමට තීරණය කර තිබෙන අතර ඊට හිටපු ජනාධිපතිනියද කැමැත්ත පළ කර තිබේ. කෙසේ වෙතත් සන්ධානයේ නායකත්වයට තනි තීරණයක් ගැනීමේ බලයක් නොමැති අතර සන්ධානයේ සියයට 50ක බහුතර බලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උසුලන අතර අනෙක් පක්ෂවලට සියයට 50ක බලයක් ලබා දීමට තීරණය කර තිබේ. ඒ අනුව සන්ධානයට නායකත්ව මණ්ඩලයක් ඇති කිරීමට තීරණය කර ඇති අතර සන්ධානගත වන පක්ෂ අනුව නායකත්ව මණ්ඩලය පත් කිරීමට නියමිතය.

ජවිපෙ පැරණි මතධාරීන් අලුත් සන්ධානයට

මෙම සන්ධානය බුලත් කොලය ලකුණ හෝ පුටුව ලකුණ තෝරා ගැනීමට නියමිත අතර එය ඉදිරියේදී සාකච්ඡා කර තීරණය කිරීමට නියමිත සූදානම් බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. නිමල් ලංසා හිටපු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඇරඹි නව සන්ධානයද සිය පළමු රැස්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සන්ධාන ගත වීමට සාකච්ඡා ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ පැරණි මතවාදය සමග සිටින කණ්ඩායම් ගණනාවක්ද ශ්‍රීලනිප නව සන්ධානය සමඟ එක්වීමට කැමැත්ත පළ කර තිබෙන අතර සාකච්ඡා අවසන් වූ සැණින් නව සන්ධානයේ ප්‍රධාන රැස්වීමක් කොළඹදී පැවැත්වීමටද යෝජනා වී තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධූරය පිළිබඳව තිලංග සුමතිපාල සහ මහින්ද අමරවීර මහතා අතර තවමත් නිශ්චිත එකඟතාවයකට පැමිණීමට නොහැකි වී ඇති අතර ඒ පිළිබඳ වහාම තීරණය කර දන්වන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැතිවරණ කමිටු, ඡන්ද ක්‍රියාකාරී කමිටු, ඡන්ද පොල නියෝජිතයින් පත් කිරීම ලබන මාර්තු 01 වැනිදාට පෙර අවසන් කරන ලෙසත්, ආසන බල මණ්ඩල, තරුණ, කාන්තා ඇතුළු අනුබද්ධ සංවිධාන ලබන ජනවාරි 31කට පෙර පිහිටුවා අවසන් කරන ලෙසත් ශ්‍රීලනිප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සියලු ආසන සංවිධායකවරුන්ට  උපදෙස් දී තිබේ.

Leave a comment

 

ld add copy

Connet With Us