දුමින්දට දුන් නඩු තීන්දුවෙන් උරණ වූ පුද්ගලික මාධ්‍ය ආයතනයක් රනිල්ට මඩගහයි

Published in Gossip
Saturday, 20 January 2024 11:23

භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වැරදිකරු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගත් තීරණය නීතිය අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමත් සමග එම තීරණය ජනධිපති වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අවශ්‍යතාවය මත ගන්නා ලද එකක් බව පවසමින් ඔහුට සහ ආණ්ඩුවට පහර දීමට එක්තරා මාධ්‍ය ආයතනයක පාලන අධිකාරිය සහ ප්‍රවෘත්ති කාමර ප්‍රධානීන් වෙනමම සකච්චා කර අත.

නඩු තීන්දුව දුන් පසුගිය බදාදා එම නාළිකවේ ප්‍රවෘත්ති කාමරයට පැමිණි එම නාළිකවේ එහිදි කළ සාකච්චාවකදී මේ බව හෙළිව ඇත.

”රනිල් තමයි මේ ගේම් එක ගැහුවේ. ඒක නිසා දිගටම පහර ගහන්න. විමල් වීරවංශ මන්ත්‍රීවරයා අද මාධ්‍ය හමුවක් පවත්වනවා. එකෙදී රනිල්ට ගහනවා . ඒක හොඳට උස්සන්න. රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා හෙට පොලොන්නරුවේදී රනිල්ට හොඳට ගහනව. එකත් උස්සන්න” යනුවෙන් එම නාළිකාවේ හිමිකරු ප්‍රවෘති කාමරයේ සාමාජිකයන්ට උපදෙස් ලබාදී ඇත.

මෙම සිදුවීමෙන් පසු ප්‍රවෘත්ති කාමර සාමාජිකයන් අතර සාකච්චාවක්ද පවත්වා ඇත. කෙසේ වෙතත් හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වාට මරණ දණ්ඩනය හිමිව ඇති බැවින් ඔහුට බන්ධනාගාරයේ සිටීය යුතු වුවත් මේවන විටත් සිටින්නේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමිනි. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව වහාම ක්‍රියාත්මක කළ යුතු වුවත් බන්ධනාගාර නිලධාරීන් එය කඩකර තිබේ. ඊට එරෙහිවද බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියට එරෙහිව අධිකරණය හමුවර යාමට නීතීඥාවරු පිරිසක් සූදානමින් පසුවෙයි.

එහෙත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී ඒකනායයක පැවසූවේ වෛද්‍ය උපදෙස් මත දුමින්ද සිල්වා බන්ධනාගාර ගත කර ඇති බවය. ඒ බව දෙපාර්තමේන්තුව විසින් ගරු අධිකරණයට දැනුම් දී ඇතිබවය .

මෙම සිදුවීම පිළිබඳව අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසනුයේ , ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ දෙවසරක පාලන කාලය තුළ කළ සියලු දේ අසාර්ථක වූ බව දුමින්ද සිල්වාට එරෙහි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් තවදුරටත් ඔප්පු වී ඇති බවය . එහිදී ජනාධිපති සමාව ලබාදීමට ඔහුට පැවරී ඇති බලතල පවා ක්‍රියාත්මක කිරීමට ඔහු අපොහොසත් වූ බව අයැ පැවසූවාය.

ඇය ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් කියා සිටියේ ජනාධිපති සමාව ලබාදීමේදී නිසි ක්‍රමවේදයක් අනුගමනය කිරීමට පවා නොහැකි තරමට ගෝඨාභය රාජපක්ෂ නූගත් බවයි.

-උපුටා ගැනීම සතිය පුවත්පත

Leave a comment

 

ld add copy

Connet With Us