අංක තහඩුව වෙනුවට “පරුෂ වචනයක්” ප්‍රදර්ශනය කරලා

Published in Gossip
Friday, 19 January 2024 13:49

අංක තහඩුව වෙනුවට “පරුෂ වචනයක්” ප්‍රදර්ශනය කරමින් බොරලැස්ගමුව නගරය හරහා ධාවනය වූ යතුරු පැදියක් පුද්ගලයින් දෙදෙනෙකු සමග අද (19) දා අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය පවසයි.


මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරලැස්ගමුව හා බෙල්ලන්විල ප්‍රදේශවල පදිංචි (18) හැවිරිදි දෙදෙනෙකු බව පොලිසිය සදහන් කරයි.


ඒ අනුව බොරලැස්ගමුව පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙකු අද උදෑසන බොරලැස්ගමුව නගර මධ්‍යයේ රථවාහන රාජකාරියේ නිරතව සිටියදී සැක කටයුතු ලෙස මාර්ගයේ ධාවනය වූ යතුරුපැදියක් පිළිබදව විමසිලිමත් වීමේදී එම යතුරුපැදිය පොලිස් නිලධාරීන් පසු කරනවාත් සමගම එහි පසු පැදිකරු පිටුපස අංක තහඩුව දෑත්වලින් වසා ගනු දැක ඇත.


කෙසේ වෙතත් සැකසහිත ලෙස හැසිරීම නිසා යතුරුපැදිය නැවතීමට සංඥා කල ද එය නොනවත්වා ධාවනය කිරීම ත් සමගම පොලිසිය විසින් ඔවුන් හඹා ගොස් අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී පවසා ඇත්තේ විනෝදය සදහා කළ වූවක් බවය.


සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා 19 දා නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සැකකරුවන් දෙදෙනා මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කිරීමට ද නියමිතය.

Leave a comment

 

ld add copy

Latest News

අස්වැසුම, උරුමය දේශපාලනඥයන්ට බෑ

අස්වැසුම, උරුමය දේශපාලනඥයන්ට බෑ

ජනාධිපතිවරණය පැවැත්වෙන දින ප්‍රකාශයට පත්කර තිබෙන බැවින් උරුමය, අස්වැසුම සහ ජයගමු ශ්‍රී ලංකා වැනි මහජ...

Connet With Us