හර්ෂණ නෑ කිව්වට සජබයෙන් පොදු අපේක්ෂකයෙක් ලු එන්නේ  

Published in Gossip
Thursday, 30 November 2023 21:51

හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහට සමගි ජන බලවේගය සමඟ එක්වන ලෙස ආරාධනා කර ඇති නමුත් ඔහු විපක්ෂයේ පොදු අපේක්ෂකයා නොවන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේ මේ වන විටත් සජබයේ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වය යටතේ පක්ෂය දියවෙමින් යෑම වලක්වා ගැනීමට බව එම පක්ෂයට සම්බන්ධ ආරංචිමාර්ග පවසයි.

“රොෂාන් රණසිංහට සජබට එන්න කියලා ආරාධනාවක් කරලා තියෙනවා. නමුත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමේ මුල් තීරණය අපි වෙනස් කරන්නේ නැහැ. සභාපතිකමට පිටස්තර අය ඉදිරිපත් කිරීමේ ප්‍රතිපත්තියක් සජබ සතුව නැහැ.” යනුවෙන් මන්ත්‍රී හර්ෂණට අවධාරණය කිරීමට සිදුවිය. මේ අනුව කවර දේශපාලනික් තත්වයක් හමුවේ වුවත් සජිත්ගේ නායකත්වයට අභියෝගයක් වන කිසිදු පියවරකට නොයෑමට සහ එවැනි තත්වයන් සිදුවීම වැලැක්වීමට සජබයේ සජිත් පාර්ශ්වය උත්සහ කරන බව පැහැදිලිය.

කෙසේ නමුත් ආණ්ඩු පාර්ශ්වයේ තොරතුරු මාර්ග පවසන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය ලැබීම සහ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම නුදුරේම සිදුවීම මත ආණ්ඩු ස්ථාවරත්වය තවදුරටත් ශක්තිමත් වීම සහ ජනතාවගේ කැමැත්ත වර්ධනය වීම සිදුවෙනු ඇති බවය. විශේෂයෙන්ම ආර්ථික ගැටළු නිරාකරණවීම මත ජනතාවට තවදුරටත් සහනදායක තත්වයක් ඇති වීම සිදු වෙනු ඇති නිසා මේ වන විටත් සජබයේ සිටින බොහෝ පිරිසක් නැවත එජාපය වෙත එක්වීමත් ඉදිරි කාලයේදී සිදුවනු ඇති බවය. මුල් වටයේදීම දස දෙනෙකුට ආසන්න කණ්ඩායමක් ජනාධිපතිවරයාට සහය පළ කිරීම් වන බවත් ඔවුන් පෙන්වා දෙයි.

එවැනි තත්වයක් හමුවේ ඉදිරි ජනාධිපතිවරණයට සජිත් ප්‍රේමදාස කිසිසේත්ම ඉදිරිපත් නොවීම සහතික බවත් පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කර ඔහු ජාම බේරාගැනීම සිදුවීම අනිවාර්ය බවත් ඔවුන් පෙන්වා දෙයි. ඒ අනුව රොෂාන් රණසිංහට වුවත් එම අවස්ථාව ලැබෙනු ඇති බවත් ඔවුන් පවසයි.

Leave a comment

 

ld add copy

Connet With Us