දේපළ තණ්හාවට වයෝවෘද කත මැරූ මන්ත්‍රී දියණිය මාට්ටු!

Published in Gossip
Friday, 17 November 2023 11:19

යාපනයේ නැගෙනහිර අල්වායි ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි  වයෝවෘද කාන්තාවක් ඝාතනයට ලක්වී තිබුණේ පසුගියදා. තනිව සිය ජීවිකාව ගෙන ගිය මෙම කාන්තාව 75,000ක පමණ වැටුපක් ගෙවමින් මෙහෙකාරියක් නිවසේ රඳවාගෙන තිබෙන්නේ තමන්ගේ සුවපහසුව සඳහාය.

මෙහෙකාරිය සමග වාසය කරපු ඇය තමන්ගේ නිවසේ කොටසක් කුලි පදනම මත උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුගේ දියණියකට සහ ඇගේ සැමියාට ලබා දී තිබුණා.

මෙම වයෝවෘද කාන්තාව යාපනයේ සිටි ධනවත් කාන්තාවක් බව සියල්ලන් දැන සිටි මන්ත්‍රී දියණිය දේපළ අත්පත් කරගැනීමේ අරමුණත් ඇතිව මෙම වයෝවෘද කාන්තාවගේ ගෙල සිරකර මරා දමා තිබෙනවා.

මෙහෙකාරියගේ සහයෝගය ද ඇතිව මන්ත්‍රී දියණියත් ඇගේ සැමියාත් මෙලෙස මෙම වයෝවෘද කාන්තාව ඝාතනය කර ඇති බව යාපනය නෙල්ලි අඩි පොලිසියට තොරුතුරු ලැබි තිබෙනවා.

මේ සම්බන්ධයෙන් උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයාගේ දියණිය , ඇගේ ස්වාමි පුරුෂයා සහ මෙහෙකාරිය අත්වැ අඩංගුවට ගෙන ඇති අතර නොවැම්බර් 29 වෙනිදා දක්වා  රිමාන්ඩ් බාරයේ තබන ලෙස පේදුරුතුඩුව මහේස්ත්‍රාත් ක්‍රිෂාන්තන් පොන්නතුරෙයි පසුගිය 16 දින නියෝග කර තිබෙනවා.

රන්ජනා

Last modified on Saturday, 18 November 2023 10:39

Leave a comment

ld add copy

Latest News

උඩදුම්බරට භූ චලනයක්

උඩදුම්බරට භූ චලනයක්

මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර ප්‍රදේශයේ දේවහන්දිය ගම්මානයට අද (08) පස්වරු 5.05ට පමණ සුළු භූ චලනයක්...

Connet With Us