පවර්, විපක්ෂයේ ඉල්ලීම් තඹේකට මායිම් කරලා නෑ ! මහ මැතිවරණ ඉල්ලන්න පිස්සු දැයි අහලා

Published in Gossip
Monday, 12 September 2022 20:19

වත්මන් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ජනමතයක් නොමැති බැවින් වහාම මහමැතිවරණයක් පැවැත්වීමට බලපෑම් කරන ලෙස විපක්ෂය සහ සිවිල් සංවිධාන ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මියගෙන් ඉල්ලීමක් කොට ඇත. ඊයේ කොළඹ වෝටර්ස් ඒජ් හි දී (11) පැවැති සාකච්ඡාවේ දී මෙම ඉල්ලීම කර තිබෙන බව එම ආරංචි මාර්ග පවසයි.

ඇය සමග පැවැති සාකච්ජාවලදී සජබ ජාජබ ඇතුළු විපක්ෂයේ පක්ෂත්, සිවිල් සංවිධාන නියෝජිතයනුත් මෙම ඉල්ලීම ඉදිරිපත් කොට ඇති බව දැනගන්නට තිබේ.

එසේ නොමැතිව ජනතා ප්‍රශ්න විසදිය නොහැකි බවද එම සංවිධාන මෙම සාකච්ජාවේදී පෙන්වා දී ඇති බවද වාර්තා වේ.

කෙසේ නමුත් මෙම ඉල්ලීම සමන්තා පවර් මහත්මිය පිළිගෙන නැති බව දැන ගැනීමට ඇත. ඇය පෙරළා ප්‍රශ්න කර ඇත්තේ මහ මැතිවරණයකින් පසුව ප්‍රශ්න විස‍ඳෙන්නේ කෙසේදැයි යන්නය. එහෙත් ඊට පිළිගත හැකි පිළිතුරක් දීමට විපක්ෂය අසමත් වී ඇත. මෙවැනි අර්බුද අවස්ථාවන්ට පිළියම මහ මැතිවරණයක් නොව සියලු පාර්ශ්ව එක් වී නිවැරදි විසඳුම් මාර්ගයකට එළැඹීම බව ඇය ජාත්‍යන්තර උදාහරණ පෙන්වා දෙමින් මෙම විපක්ෂ කණ්ඩායම් වෙත අවබෝධ කරවීමට වෙහෙසක් ගෙන තිබේ.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාව මෙන් බරපතල ආර්ථික අර්බුදයකට මුහුණ දුන් ග්‍රීසිය තුළත් ජනතා අරගල, විපක්ෂයේ ආරගල නිසා කෙටි කාලයක් තුළ මහ මැතිවරණ විශාල ප්‍රමාණයක් පැවැත්වීමට සිදුව තිබිණි.

එක් වසරක මහා මැතිවර දෙකක් පමණ වන සේ පවත්වන්නට සිදු විය. එහෙත් එරට මුහුණ දුන් අර්බුදයට කෙටි කාලීන පිළියම වූයේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා ගැනීම බව පෙර පැවැති පාලනයක් විසින් පිළිගෙන කටයුතු කිරීමට තීන්දු වී තිබිණි. එහෙත් එයට එරෙහිව විපක්ෂය කණ්ඩායම් විරුද්ධ වී ආණ්ඩුව පෙරළා දැමීම සිදු විය. නමුත් පසුව බලයට පැමිණි අනෙක් කණ්ඩායම් වලටද සෑම විටම විසඳුම වූයේ අරමුදල වෙත යෑම පමණි. පසුව මුල්‍ය අරමුදලේ සහය ලැබුණු මුත් එහි නියම ප්‍රතිපල නෙලා ගැනීමට අවස්ථාවක් ග්‍රීසියට නොමැති වූයේත් විපක්ෂයට පැමිණෙන කණ්ඩයම් වල බාධා කිරීම් නිසාය.

කොහොම නමුත් මේ උදාහරණ පෙන්වා දෙමින් සමන්තා පවර් මහත්මිය සහ ඇයගේ නිලධාරීන් මේ මොහොතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කර තිබෙන වැඩ පිළිවෙලෙහි සාධනීය බව පෙන්වා දී එය සමඟ එකතු වන ලෙස ඉල්ලීම් කර තිබේ. යම් ලෙසකින් විපක්ෂය බලයට පැමිණියත් ජාත්‍යන්තර සහය ලබා ගැනීමට මෙයට වඩා වෙනත් විසඳුම් තිබිය නොහැකි බවද අවධාරණය කර ඇතැයිද දැන ගැනීමට තිබේ.

Leave a comment

ld add copy

Connet With Us