අධික තරබාරුවත් සමග පිළිකා නොමිලේ!

Published in Gossip
Friday, 15 August 2014 10:48
වඩාත් ප්‍රකට පිළිකා තත්ත්වයන් 10ක් සඳහා බලවත් අවදානමක් ඇති කිරීමට සිරුරේ අධික තරබාරුකම හේතු විය හැකි යැයි බ්‍රිතාන්‍යයේදී සිදුකළ නවතම පර්යේෂණයකින් හෙළි වී තිබේ.
 Lancet වෛද්‍ය ජර්නලයේ සිදුකර ඇති මෙම පර්යේෂණය මගින් පෙන්වා දෙන්නේ සෑම වසරකම බ්‍රිතාන්‍ය තුළ පිළිකා රෝගීන් 12,000ක් සඳහා අධික තරබාරුකම හේතු වී ඇති බවයි.
 
මෙම පර්යේෂණ වාර්තාව වෙනුවෙන් බ්‍රිතාන්‍ය ජාතික වැඩිහිටියන් මිලියන පහකට ආසන්න පිරිසක් පරීක්ෂා කොට ඇති බව කියයි.
 
මේ පර්යේෂණය සිදුකළ විද්‍යාඥයන් පවසන්නේ ගර්භාශයේ පිළිකා ඇතිවීමේ ඉහළම බලපෑමක් අධික තරබාරුකමින් ඇති කරන බවයි. එමෙන්ම, පිත්තාශය, වකුගඩු, ගැබ්ගෙල හා තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකා තත්ත්වයන්ටද අධික තරබාරුකම හේතුවන බව ඔවුහු පෙන්වා දෙති.
 
එහිදී, ඔවුන් අනතුරු අඟවන්නේ ගෝලීය වශයෙන් පැතිර යන අධික තරබාරුකම වර්ධනය වූයේ නම්, ඒ සමග පිළිකා වැළඳීමේ ප්‍රතිශතයද ඉහළ යා හැකි බවයි.

 

Leave a comment

ld add copy

ක්‍රීඩා

SL vs AUS 2nd Test: තරගයේ දෙවන දිනය අදයි

SL vs AUS 2nd Test: තරගයේ දෙවන දිනය අදයි

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද (07) ක්‍රියාත්මක...

Connet With Us