චම්පික ජනපති සිහිනයෙන් අවදිවෙලා.. ආණ්ඩුවට එකතු වෙන ලයින් එකක් ! Featured

Published in Gossip
Saturday, 09 January 2021 10:32

චම්පික රණවක පසුගිය දිනවල ලක ලැහැස්ති වූයේ 2024 ජනාධිපති අපේක්ෂකයා වීමේ අපේක්ෂාවෙන් යුතු මහා මෙහෙයුමකටය. ඔහු කල්පනා කළේ තමන් වටා සිංහල බෞද්ධ හැඩයේ මහා ජාතිකවාදී බලවේගයක් පෙළ ගැසෙනු ඇති බවය.

මධ්‍යම පාංතික කොටස් වල ආශිර්වාදය ලැබෙනු ඇති බවය. උගතුන් වියතුගේ සහය ලැබෙනු ඇති බවය. එහෙත් ඔහුගේ ගෝල බාලයන් කිහිප දෙනා හැර කිසිවෙකුගේ සහයක් ලැබුණේ නැත. විපක්ෂයේ සෙසු පක්ෂ, හෝ සිවිල් සංවිධන වල හෝ කිසිදු සහයක් ඔහු වෙනුවෙන් ප්‍රකාශයට පත් වූයේ නැත. සමාජ මාධ්‍ය තුල බලු කුක්කෙකුට ඇති පිළිගැනීමවත් ඔහුට ලැබුණේ නැත. එහෙත් ඒ වෙනුවෙන් ගත් අවසන් උත්සාහයත් පසුගිය සතියෙන් ඉවරෙටම ඉවර විය. සජබයේ දෙවැනි නායකයා වීමේ උත්සාහය සජිත් විසින් පරාජය කිරීමෙන් අනතුරුව චම්පික නන්නත්තාර විය. ඉන් අනතුරුව සජබයේ දේශපාලන අරංචි මාර්ග සඳහන් කළේ චම්පික වෙනම ගමනක් යෑම (බොහෝ විට තාවකාලිකව) අත්හැර සජිත්ගේ නායකත්වය යටතේ තවදුරටත් ළඟින්න කැමැති බවට පණිවිඩ පිට පණිවිඩ එවු බවය. ඒ අනුව සජබයේ හරීන් ප්‍රනාන්දු හා හර්ෂ දි සිල්වා ඇතුලු මන්ත්‍රීවරු කිහිප දෙනෙකුම චම්පික සමඟ ගැ‍ටුමක් නැති බවත් ඔහු සජබය සමඟ කටයුතු කරන බවටත් ප්‍රකාශ නිකුත් කිරීමට ඉක්මන් වී තිබිණි.

මේ අතර සජිත් ප්‍රේමදාසට පක්ෂයේ ජේෂ්ඨයන් කිහිප දෙනෙකුගෙන් කෙරෙුණු ඉල්ලීම් මත චම්පික සමඟ එකඟතාවයකට පැමීණිම සඳහා වන සාකච්ඡාවන් පක්ෂයේ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාරට පවරා තිබෙන බවත් දැන ගැනීමට තිබේ.

මේ අතර චම්පික රණවක ඊයෙ පෙරේදා වෙබ් අඩවියකට ලබා දුන් ප්‍රකාශයක අනියමාර්ථය වූයේ තමන්ගේ ජනාධිපති සිහිනයෙන් තමන් අවදි වී ඇති බවය.

" 2024 ට අනාවැකි කියන්න අපි කවුරුත් සුදානම් වියයුතු නැහැ.අපි දන්නේ නැහැ මොකක්ද? තත්වේ කියල.මම ඔබට එකක් කියන්නම් ,මම වැළකෙන දෙයක් තියෙනව.ඒක තමයි ඔය 2015 කළා වගේ කොහොමහරි ආණ්ඩු පෙරලල,කාගේ හරි පිටින් නම් ගිහින් ඔය බලය ලබාගන්න ක්‍රියාවලියකට මම නම් දායක වෙන්නේ නෑ,පවුල් හදන්නවත් ,පුද්ගලයෝ හදන්නවත්,පක්ෂ හදන්නවත්.
අනික් පැත්තෙන් මම කැපවෙනවා,මේ රටේ මිනිස්සුන්ට මම කියනවා,මේ රටේ ඉන්නව ,1943 නිදහස් අධ්‍යාපනයෙන් මතුවෙච්ච,ඊට පස්සේ දැන් නිදහස් අධ්‍යාපනය නැතුව පෞද්ගලික අධ්‍යාපනයත් තියෙනවා,විදේශීය අධ්‍යාපනයත් තියෙනවා,ඒ හැම එහෙකින්ම මතුවෙච්ච කුසලතා පුර්ණ පරපුරක් ඉන්නව.මම ඒ පරපුර සමග නව බලවේගයක් හදනව විතරක් නොවෙයි, තමුන්ගේ පුද්ගල ක්‍රියාදාමයන් හරහා නායකයෝ කියල තනියෙන් යන ගමන වෙනුවට සාමුහික මගකට අපි ලැස්ති වෙමු කියල මම ඒ පරපුරට කියනව.ඒකට දොර විවෘත කරන්න මම කැපවෙනව. "

මේ අනුව ඔහුගේ ජනාධිපති සිහිනය මඟ හැරී ඇති බවත් දැන් කර කියා ගන්න දෙයක් නැතිව කරේ එල්ලා ගත් බෝඩ් ලෑල්ලක් බවට පත්ව තිබෙන 43 සේනාංකය නැමැති වදන් පෙළ සමඟ තව ටික කාලයක් සිට කාට හෝ මුක්කුවක් ගැසීම හැර චම්පිකට වෙන කරන්න දේශපාලනයක් මේ රටේ නැතිි බවත් පැහැදිලිිය. බොහෝ විට පැරණි මිතුරන්ගෙන් සමන්විත වත්මන් ආණ්ඩුව සමඟ වුව ඔහු එක්විය හැකිය. මන්ද දැන් ඔහුට වඩාත් ගැලපෙන තැන එතනය.

Leave a comment

worky

worky1

ld add copy

Latest News

හෙට කොළඹට වතුර කපයි

හෙට කොළඹට වතුර කපයි

හෙට (27) පස්වරු 05 සිට පැය 14ක කාලයක් කොළඹ, දෙහිවල - ගල්කිස්ස හා මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැ...

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us