හබරණ ඇතින්නියන් 7 මැරුවේ අපලයක් දුරු කරන්නලු.. Featured

Published in Gossip
Saturday, 28 September 2019 20:27

හබරණ, හිරිවඩුන්න තුන්ඹිකුලම රක්ෂිතයේදී අභිරහස් ලෙස මිය ගිය ඇතින්නියන් හත් දෙනෙකුගේ මළ සිරුරු සොයා ගැනීමට හැකි වූ බව වනජීවී නිලධාරීහු සඳහන් කර සිටින නමුත් මියගොස් ඇත්තේ කවර හේතුවක් නිසාද යන්න මෙතෙක් හෙළි කර ගැනීමට හැකිව නැත.

යම් වසක් විසක් සහිත ආහාරයක් ලබා දීම මඟින් මේ සිදුකළ බවට සැක කරයි.

මෙසේ මරා දමා තිබු ඇතින්නියන් 7 දෙනා මව්වරුන් වීම විශේෂයකි. ගැබ්බර සහ පැටවුන් සිටින ඇතින්නියන් ‍තෝරාගෙන මෙම අපරාධය කිරීම සම්බන්ධයෙන් එම ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ කවරෙකුගේ හෝ අපල උපද්‍රවයක් දුරු කිරීම වෙනුවෙන් මෙසේ කිරි මව්වරුන් බිල්ලට අරගෙන ඇති බවය.

මේ දිනවල දේශපාලන කරලිය උණුසුම් වී ඇත්තේ අනාගත රටේ පාලකයා ‍තෝරා ගැනීම වෙනුවෙන් නිසා බලය අත්පත් කර ගැනීම වෙනුවෙන් යම් අපේක්ෂකයකු මෙම බිලි පූජාව කර ඇති බවට සැක කරන බවත් ප්‍රදේශවාසීන් වැඩි දුරටත් සඳහන් කරයි.

මෙලෙස මිත්‍යා විශ්වාසයන්ගේ එළ්බගෙන සිටින දේශපාලනයට සම්බන්ධ පිරිස් ජනතාව කෙරෙහි විශ්වාසය තබනවාට වඩා අනවිණ කොඩිවිණ ආදියෙන් තමන්ගේ ජයග්‍රහණයය තහවුරු කර ගැනීමට හැකි බව විශ්වාස කරති.

පසුගිය ජනාධිපතිවරණ සමයේදීද විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් මෙරටේත් ඉන්දියාවේත් විශේෂ යාග හෝම ගනනාවක් පැවැත් වුණු බව වාර්තා විය. එසේම ප්‍රතිවාදී අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේනගේ ජීවිතයට හානි කිරීම උදෙසාද එවැනි යාග හෝම පැවැතියේය.


පහතින් පළ වන්නේ එවකට ලංකාඩේලි සිදු කළ හෙළිදරව්වකි.

මහින්ද, දවස් 7ක් මෛත්‍රීගේ අනුරුවක් තෙලේ බැදලා !

 

mahinda 2015

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැති ජනාධිපතිවරණයට පෙර ප්‍රතිවාදී අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ කුඩා අනුරුවක් තනා දින 7ක් තිස්සේ තෙල් තාච්චිය දමා බදිමින් ගුරුකම් කරුවකු ලවා කොඩිවිණ බන්ධනයක් කර ඇති බව ලංකා ඩේලි වෙත අනාවරණය වේ.

දෙවියන් යකුන් අදහමින් මිත්‍යා විශ්වාසයන් හී ඉහළින්ම ගිලී සිටි මුග්ධ හා උන්මන්තක පාලකයකු වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණය වෙනුවෙන් රටපුරා, ප්‍රකට දේවාල සැමකටම පාහේ ගොස් විවිධාකාරයේ ශාන්ති කර්මයන් යාග හෝම අන විණ කොඩි විණ ආදීය සිදු කරනු ලැබීය. එවැනි සිදු වීම කිහිපයක් අප විසින් මීට පෙරද වාර්තා කර සිටියෙමු.

අද අප විසින් හෙළි කරන සිදුවීම වී තිබෙන්නේ කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම, කිදෙල්පිටිය, බදුවත්ත පාරේ පිහිටි කඩවර හා සූනියම් දේවාලයේදීය. අණවිණ කොඩි වින කිරීම සඳහා මෙම දේවාලය කූප්‍රකට තැනකි. මිට වසර පහ හයකට ප්‍රථම මෙම දේවාලය මෙම ස්ථානයේ ඇරඹූවක් වන අතර රාජපක්ෂ පවුලේ උදවිය මෙම දේවාලයට පැමිණෙන්නට පටන් ගෙන තිබෙන්නේ ද එකල්හීදීමය. (එමෙන්ම රජයට අයත් ඉඩමක අනවසරයෙන් මෙම දේවාලය පවත්වාගෙන යන බවද සටහන් කර සිටිමු.)

කෙසේ නමුත් සිය ප්‍රතිවාදී අපේක්ෂකයාගේ ජීවිතය විනාශ කිරීමේ අරමුණෙන් සඳහා මෙම කොඩිවිණ බන්ධනය ආරම්බ කර තිබෙන්නේ ජනාධිපතිවරණයට සති 3 කට ප්‍රථමවය. ඒ මාසයක තරම් කාලයක් කළ යුතු මහා යාතුකර්මයක් වූ අතර. ජනාධිපතිවරණයෙන් අනතුරුවද කළ යුතු දෑ ඉතිරිව තිබිණි.

මෙම යාතුකර්මය සඳහා ශිරන්ති රාජපක්ෂ කිහිප දිනක්ම සහභාගී වී තිබේ. මෙහිදී බෙර වායන් 100 දෙනෙකු යොදවාගෙන මහා ඝෝෂාවක් කරමින් දින 7ක් තිස්සේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුරුව විශාල තෙල් තාච්චියකට දමා බැදීම සිදුකර තිබේ. මේ එක් දිනක මහින්ද රාජපක්ෂ මහතාද සහභාගී වී ඇත.

මෙම සති තුනක කලය පුරා මේ යාතුකර්මයට සහභාගී වූ පිරිසට කැමෙන් බීමෙන්ද සග්‍රහ කර ඇති අතර ඒ වෙනුවෙන් වෙනම ආහරපාන සපයන සමාගමකට කොන්ත්‍රාතුවක්ද ලබා දි තිබිණි. මේ යාතුකර්මය ජනාධිපතිවරයා වෙනුවෙන් සිදු කරන්නක් බව ගම්වාසීන්ගෙන් වසන් කර ඇති නමුත් රාජපක්ෂ පවුලේ පිරිස් කාලාන්තරයක් තිස්සෙ මෙම දේවාලයටත් මේ අසල පිහිටි ජගද්දලාව විහාරස්ථානයට සෙත් කවි කියවා ගැනීම සඳහා මීට දශක දෙකක පමණ කාලයක සිට ශිරන්ති රාජපක්ෂ මහත්මියත් පැමිණෙන නිසා මෙම ගම්වාසීන්ට රාජපක්ෂ පවුලේ පිරිස් එම දේවලයට පැමිණ යාම විශේෂ කරුණක් වී නොමැත.

මේ කෙසේ නමුත්, රාජපක්ෂගේ දෙවියන්ට යකුන්ට කරන්න බැරි වැඩක්, මේ රටේ ජනතාව විසින් සිදු කෙරුවේ මේ මිත්‍යා විශ්වාසයන් මිත්‍යාවන් බවම ඔප්පු කරමින්ය. ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා ජය ගත්තේ මෝඩ පිස්සු පාලකයකු පමණක් පරාජය කරමින් නොවේ, මිත්‍යා විශ්වාසයන්ද පරාජය කරමින්ය.

Last modified on Saturday, 28 September 2019 20:33

Leave a comment

ld add copy

Connet With Us